Song Title : Wesak Wesak Prithi Wesak (වෙසක් වෙසක් ප්‍රීති වෙසක්)
Lyrics : Samanola Wijayarathna
ලොව හා ඇලුණු සිත
හිමි හිට ගලවා බලනු
සෙමින් සෙමින්
නිවාඩුව...
ඔබට දැනෙයි වෙනස
සොම්නස
සතුට ප්‍රීතිය
සැහැල්ලුව
සෙමෙන් සෙමෙන්
කාන්තිමත් වෙමින්
ගිරග්ග සමජ්ජ
නැටුම් ගැයුම් වලැති
අපූර්වත්වයට ඔබ්බෙන්
ගැඹුරු සුවයක්
සොයන ඔබ
එන්න එබී බලන්න...
විඳින්න නොඇලීමේ සුවය...
එහෙත්...
බ්ර්ර්...ම් පට් පට්...
විදුලි වේගයෙන්
මාරයුධයට වන්
මරසෙන් පෙළක් මෙන්
ස්කූටර තුරඟුන්
පිරි වැරූ
රථ පෙළ
ගැහැණු පිරිමින්
නේක විකට දසුනෙන්
යුතුව
වෙසක් ආතල්
සොයමින් ඉඟිලෙයි
රස නහර දන්සැලේ
රඟ දෙවයි..
ගිරග්ග සමජ්ජයේ
ගිලුණු සිත්
එහිම ගිල්වා තබත්..
නොඇලීම සොයන්නෙක්
සොයා ගත නොහැක
බේතකටවත්
වෙසක් වෙසක් වෙසක් ප්‍රීති වෙසක්..
0 comments:
Post a Comment