Song Title : Una Bata Hewane (උණ බට හෙවණේ)
Singing : Anjaleen Gunathilaka (ඇන්ජලින් ගුණතිලක මහත්මිය)
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : සුපර් ගෝල්ඩන් චයිම්ස්
උණ බට හෙවණේ
උණුහුම් වී අප
පේරාදෙණි උයනේ
සරසවි කාලේ
ගෙවූ අතීතය
තව මැකිලා නැහැනේ
රාධා ක්‍රිෂ්ණා විලසින් ඔබ අප
ඒ කාලය ගෙව්වේ
සරතුයි නේරංජනා ලෙසින්මයි
අනාගතය පැතුවේ
සද්දෙන් සිනා සලා
ඉඳහිට කඳුළු හෙළා
උණ බට හෙවණේ
උණුහුම් වී අප
පේරාදෙණි උයනේ
සරසවි කාලේ
ගෙවූ අතීතය
තව මැකිලා නැහැනේ
අද ඔබ බිරිඳක් සමගින් යද්දී
ම දෙස බැලූ විලසේ
මතකයි යටැසින් මමත් බැලූ හැටි
මගෙ හිමියට රහසේ
අද හිනැහෙන්නට බෑ
කඳුළු හෙළන්නත් බෑ
උණ බට හෙවණේ
උණුහුම් වී අප
පේරාදෙණි උයනේ
සරසවි කාලේ
ගෙවූ අතීතය
තව මැකිලා නැහැනේ
0 comments:
Post a Comment