මේක වුණේ මට (ඔව් මේ මට) 2014 අවුරුද්දෙ අගෝස්තු මාසෙ. එතකොට මං එයාෆෝස් එකේ ට්‍රේනිං පීරියඩ් එකේ, දියතලාව කෑම්ප් එකේ... 06 වෙනි බලඝනයේ. අපේ බිලට් එක තිබුණෙ හරියටම ට්‍රේනිං වින්ග් එකට යාබදව, කොටින්ම ට්‍රේනිං වින්ග් එකේ ඉඳන් අපේ බිලට් එකේ බැක්යාඩ් එකට පනින්නත් පුළුවන්.
අපේ බිලට් එකයි, හත්වෙනි බලඝනයෙ බිලට් එකයි තිබුණෙ යාබදව, අනිත් බලඝන තිබුණෙ තරමක් ඈතින්. එහාපැත්තෙ එයාවිමෙන් බිලට්. ඒක නිසා අපිටයි හත්වෙනි බලඝනයටයි තිබුණෙ එක ටොයිලට් එකක්. එක කීවට පේළියක්, දෙපැත්තෙ තියන ටොයිලට් වලින් එක පැත්තක ටොයිලට් 5ක් අපිට, අනිත් පැත්තෙ 5 හත්වෙනි බලඝනේට, ඒ පේළි දෙකේම අනිත් පැත්තෙ කෙළවරේ ටොයිලට් පේළි දෙකම GI කෝස් එක කරන LAC & Corporal ලට.
ට්‍රේනිං කාලෙ ඉතිං දන්නවනෙ, අනිවාරෙන්ම රෑ 1-2 වෙනකම් එකෙක් හරි නැගිටල. රෑ 10ට ලයිට් ඕෆ් කරන්න ඕන කියල නීතියක් තිබුණට, අපිට කරන්න ඕනෑවටත් වඩා වැඩ තිබුණා. බූට් ජෝඩු 4ක් පොලිෂ් කරන්න ( නිකම් නෙවේ, අග්නි-ජල ප්‍රතිකාරය කරල මූණ බලන කණ්නාඩියක් වගේ වෙන්න ටෝ එක අල්ලන්න ඕන), සර්විස් පෙයාර් එක පොළිෂ් කරන්න ඕන අර විදියටම. ඉණට දාන බෙල්ට් (විශේෂ අවස්තාවල දාන එකයි , දවසගාණෙ ට්‍රේනිං දාන එකයි) ඒවත් පොලිෂ් ගාලා දිලිසෙන්න මදින්න ඕන, ඒ හැර ඕවරෝල් වල ඉරුණ, ගැලවුණ (ඕන තරම් බඩගානවා. ගොඩක් ඒව වැරහැලි) තැන් මහන්න, ගැලවුණ අයිලට් අල්ලන්න, නෝට් ලියන්න, ගෙදරට ලියුම් ලියන්න, මනෝ ගහන්න මෙකී නොකී දහසක් දේ කරේ කළුවරේ ඉටිපන්දම් හරි ටෝච් හරි පිහිටෙන් තමා.
ඉතිං එදා, මං ඔය සේරම කරල, ගෙදරට ලියුමයි , කෙල්ලට ලියුමයි ලියල ඉවරවෙද්දි පාන්දර 1ට විතර ඇති. කරන්න තව දේවල් තිබුණත් ආයෙ පාන්දර 3ට නැගිටින්න වෙන නිසා මං හිතුවා පොඩ්ඩක් නිදාගන්න. ඒවෙලාවෙ හැම එකාම නිදි. මං විතරයි හිටියෙ .
නිදාගන්න කියල බඩිය ගාව බිමින් ඇළවුනත් ( උදේට ඇඳන් හදන්න කරදර නිසා අපි නිදාගත්තෙ හීතල පොළවෙ. බ්ලැන්කට් එක නවල ඇඳ උඩ) මට නින්ද ගියෙ නෑ චූ බරක් නිසා. තව විනාඩි 10ක් විතර කම්මැලිකමට ඉඳලා ඔන්න ඔහේ යනවා කියල නැගිටල එළියට ආවා. එළියෙ පට්ට හීතලයි. අපි ට්‍රේනිං නොයන හැම වෙලාවෙම ඇඳන් හිටියෙ අත් නැති වෙස්ට් එකයි , නිල් කොට කලිසමයි. ඒවා හීතලෙන් බේරෙන්න යන්තම්වත් මදි. ඒ මදිවට ගල්කන්ද දිහායින් එන හීතල හුළං. දියතලාවනෙ.
කොහොමහරි ගියා ටොයිලට් එකට. ඒ මහ රෑට ටොයිලට් වල සීමා නෑ. ඕන එකක්. :3
ඉතිං මං මැද හරියෙ එකකට ගිහින් දැන් චූ කරනව. දොර වහලත් නෑ.
කවුරුහරි එකෙක් ආවා අපේ බිලට් එක පැත්තෙ දොරෙන්, මාව පහුකරලා ගියා කියල දැනුනා. කතා කරේ නෑ. මං ඉන්න එකට අල්ලල වම් පැත්තෙන් තියන ටොයිලට් එකේ ටැප් එක අරින සද්දෙ ඇහුණා. වතුර බාල්දියට වැටෙනවා ඇහුණා. ටැප් එක වහනවත් ඇහුණා. ඒත් බාල්දියේ වතුර ටොයිලට් එකට වැටෙන සද්දෙ නෑ.....
මං මගේ වැඩේ ඉවර කරා. වතුරත් ගහලා එළියට ඇවිත් බැලුවා කවුද කියල. එහාපැත්තෙ එක හිස්. බිම වේළිලා, වතුර වැටුණ ද කියලවත් නෑ. මං ඒත් අනිත් ඒවයෙත් බැලුවා.. එකකවත්! මොකෙක්වත් !! හිටියෙ නෑ!!!
මට තේරුණා මොකක් හරි වැරදිලා කියලා. මං එහෙමම හැරිලා ආවා බිලට් එකට, පස්ස හැරිල බැලුවෙ නෑ. ඇවිල්ලා ඇලවුණා, විනාඩි 10ක් යන්න කලින් මට නින්ද ගියා.
මං කාටවත් ඒ ගැන කීවෙ නෑ. නමුත් දවස් ගාණකට පස්සෙ අපේ එකෙක් අමුතු වුණා, බලාගත්ත අත බලන් ඉන්න ගත්තා, වාඩිවුණ තැනින් නැගිට්ටෙ නෑ, දත් මදින්නෑ, මූණ හෝදන්නෑ, ඇඳේ චූ කරනව. නොයෙකුත් ප්‍රශ්න . හෝදිසි කරලා බැලින්නම් මුට මට වුණ දේ වෙලා, මූ බයවෙලා.
ඒ ටොයිලට් එකට අල්ලලා තියනව බාතෲම් එකක්, ඒක සුද්දගෙ කාලෙ හදපු එකක්, ඒකෙ කීප දෙනෙක්ම එල්ලිලා මැරිල තියනවලු. ඒ අය තමයි කියනව ඒ සැරිසරන්නෙ.
ආයෙමත් කියනව, මේක ගොතපු එකක් නෙවේ
අවසානයි!
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment