Thriloka Song Lyrics - ත්‍රෛයිලෝක ගීතයේ පද පෙළ

Thriloka Song Lyrics - ත්‍රෛයිලෝක ගීතයේ පද පෙළ
Song Title : Thriloka (ත්‍රෛයිලෝක)
Artist : SHANE/ JANA/ LINEONE
Music : SHANE ZING WITH LINE ONE
Lyrics : MANJULA WEDIWARDENA 
Mixed & Masterd : SIDATH THILAKARATNE @ line one studio


ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා

ජීවිතේ රාග තාල අතට පයට කොහෙන්ද එන්නේ
…අහසින්ද…
අහසේ පියසලන වලාපෙලට දෑස තියන්නේ
…..මුහුදින්ද……
මුහුදේ තරංගයක පෙනපිඩු කවුද මවන්නේ
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ

ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා

ආදරේ ජාති ජාති ආල හැගුම් කොහෙන්ද එන්නේ
….පපුවෙන්ද….
පපුවේද වෙනස් වෙනස් සිතුම්
පැතුම් ගිගුම් නැගෙන්නේ
….ඔලුවෙන්ද….
ඔලුවේද කැලතී කැලතී සිතුවිලි විෂ වන්නේ
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ

ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment