Tharu Eliye Song Lyrics - තරු එලියේ ගීතයේ පද පෙළ

Tharu Eliye Song Lyrics - තරු එලියේ ගීතයේ පද පෙළ
Song Title : Tharu Eliye (තරු එලියේ)
Singing : Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය)


තරු එලියේ

ඔබ හා මා ගිය දිනයේ..
සිත මා සුසුම් හැඟුම්
මැකුනා සේ..

රජ දහනේ

රජ කුමරිය වූ දිනයේ..
පැතුවේ ඔබේ ලොවයි
මතු දිවියේ…

සීතල පින්නට මගෙ හිස තෙමුනා

ඈතින් ඈතට මගෙ හිත යැවුනා
පුලුන් රොදක් සේ
මගෙ සිත මට දැනුනා…

රජ දහනේ

රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි
මතු දිවියේ..

වෙහෙස නිවා…
ඝන අඳුරේ
සිසිල සදා…
තරු එලියේ
පියමැනලා…
මල් ගොමුවේ
ඔබ දුටු දා…
මතක තියේ

ජීවිත කාලය ඔහු වෙත පිදුනා.
ආදර චන්දන සුවඳින් පිරුනා..
පිණි කැට මත ඔහු හා මා
තනි කෙරුනා…

තරු එලියේ,

ඔබ හා මා ගිය දිනයේ..
සිත මා සුසුම් හැඟුම්
මැකුනා සේ…

රජ දහනේ,

රජ කුමරිය වූ දිනයේ..

පැතුවේ ඔබේ ලොවයි
මතු දිවියේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment