Tharu Eliya Oba Song Lyrics - තරු එළියේ ඔබ ගීතයේ පද පෙළ

Tharu Eliya Oba Song Lyrics - තරු එළියේ ඔබ ගීතයේ පද පෙළ
Song Title : Tharu Eliya Oba (තරු එළියේ ඔබ)
Singing : Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය)
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක



තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

සීතල පින්නට මගෙ හිස තෙමුනා
ඈතින් ඈතට මගෙ සිත යැවුනා
පුළුන් රොදක් සේ මගෙ සිත මට දැනුනා
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

වෙහෙස නිවා ඝන අඳුරේ
සිසිල සදා තරු එළියේ
පියමැනලා මල් ගොමුවේ
ඔබ දුටුදා මතක තියේ
ජීවිත කාලය ඔහු වෙත පිදුනා
ආදර චන්දන සුවඳින් පිරුනා
පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා

තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment