Song Title : Thaniwenna Idadenna (තනිවෙන්න ඉඩදෙන්න)
Singing : Ajith Ariyarathna (අජිත් ආරියරත්න මහත්මා)
සංගීතය : එච්. එම්. ජයවර්ධන මහත්මා
ගී පද : ජයන්ත රෝහණ මහත්මා
තනිවෙන්න ඉඩදෙන්න
මටයි මගේ හිතටයි..
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි..//
යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැඟවිනි මතකය අද රහසේ..
පෙම්කල සිතකට සාප නොකල මැන
වෙන හිතකට පෙම් කල දවසේ..
තනිවෙන්න ඉඩදෙන්න
මටයි මගේ හිතටයි..
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි..//
නැගුනු අතීතේ නටබුන් අතරේ
මා තනිවූදා දිවිකතරේ..
වසන්තයේ තුංමන්සල අභියස
ඔබ ඇත ඔහූ සුළැඟිලි අතරේ..
තනිවෙන්න ඉඩදෙන්න
මටයි මගේ හිතටයි..
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි..//
0 comments:
Post a Comment