මේ චක්‍රය
- අතීත ලෝක සිතියමක් ලෙස ,
- රජ දරුවන් මඟුල් උයන පරිශ්‍රයේ සිදු කරන ලද තන්ත්ර , යාග හෝම පිළිබඳ සටහනක් ලෙස ,
- මහායාන මන්ත්‍ර පඨනය හෝ භාවනා සඳහා උපයෝගී කරගත් සටහනක් ලෙස ,
- සුවිශාල ඉංජිනේරු නිමැවුමක , වාරි කර්මාන්තයක සැලසුමක් ලෙස ,
- මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් ලෙස ,
- අධි මානසික ශක්තියෙන් බාහිර විශ්වය සමඟ සන්නිවේදන කටයුතු කල දොරටුවක් ලෙස ,
- පිටසක්වල ජීවීන් හා සබඳතා පැවැත්වූ තරු දොරටුවක් ( Star Gate ) ලෙස ,
ආදී වූ නිර්වචන කිහිපයකින් අර්ථ නිරූපණය කර ඇත .
සැබවින්ම මෙය කුමක්ද ?
පුරාවිද්‍යා හා ඉතිහාසඥයින්ගේ කාල ගණනයන්ට අනුව අනුරාධපුර රන්මසු උයන ඉදිකර ඇත්තේ ක්‍රි . පු . 8 වන සියවසේදීය .
නමුත් මෙම ස්ථානයේ සක්වල චක්‍රයට ඉහලින් ඇති ගල් තලාවේ ගල් තලාවේ සිදුකරන කරන ලද නිරීක්ෂණයක් තුලින් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් දිසානායක මහතාට " පනති පනස " ලෙසින් අක්ෂරයන්ගෙන් සමන්විත වූ ක්‍රි පු 3 - ක්‍රි පු 1 වන සියවස ත් අතර කාලරාමුවකට අයත් සෙල්ලිපියක් සොයාගැනීමට හැකිව ඇත .
ඔහුගේ නිර්වචනයට අනුව ,
- පන - ප්‍රාණි
- තිපනස - පනස් තුන ( 53 )
ලෙසින් අරුත් ගැන්වෙයි .
මෙම චක්‍රයේ පිට රෝදයේ මත්සයන් , හක් බෙල්ලන් , කැස්බෑවන් , ඉබ්බන් , කකුලුවන් , මුහුදු අශ්වයා , මුහුදු සිංහයා , දිය කිඳුරියක් ආදී වූ ජලජ ජීවීන් 20 ක් ඒකදිශානතිව නිරූපණය කර ඇත .
අභ්‍යන්තරයේ සංකේත 33 කි .
ඒ අනුව ජීවීන්ගේ හා සංකේත යන්ගේ එකතුව 53 කට සමාන වේ .
H C P බෙල් මහතා විශ්ව චිත්‍රයක් ලෙසින් ද ,
මෙම චක්‍රය හඳුන්වා ඇති අතර ,
මෙහි ඉදිරිපසින් ආසන තුනක් සේ ගල් තලාවේ කොටා ඇති නිසා , භාවනා කිරීමට මෙම චක්‍රය උපයෝගි කරගත් බැව් පෙනේ .
මෙම සිතියමේ පිරමීඩයක සලකුණක් ඇති අතර මෙවැනි සිතියම් ලෝකෙන්ම හමුව ඇත්තේ ඊජිප්තුවේ හා පේරු රාජ්‍යයේ ස්ථාන දෙකකින් වේ. ඒ සෑම තරු සිතියම් හමුවූ තැනකින්ම වාගේ පිරමීඩ හමුව තිබේ .
මේ ආශ්‍රිතව සුවිසල් පිරමීඩයක් දැක ගැනීමට නොහැකි වුවත් කුඩා පිරමීඩයක සලකුණු අසල හමුවේ .
නූතනයේදී , වෙනත් චක්‍රාවාටයක ඇති සෞරග්‍රහ මණ්ඩලයක ඇති ග්‍රහලෝක කිහිපයක් කරා යා හැකි සිතියමක් ලෙසින් ද සලකන මෙය ,
පෘථිවියේ සිට පිටසක්වල යනාවක් ගමන් කල යුතු මාර්ගය හා පිටසක්වල සිට නැවත පෘථිවිය කරා පැමිණීමේ මාර්ගය ලෙසින්ද මෙය නූතනයේදී අර්ථ දක්වා ඇත .
අනුරපුර ඉසුරුමුණිය අසල ඇති රන්මසු උයනෙහි පිහිටා ඇති මෙය ඔබ නැරඹිය යුතුම ස්ථානයකි .
උරුමය රකිමු - උරුමය අගයමු .
උරුමයක වරුණ
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment