Sihinayak Mawuna Song Lyrics - සිහිනයක් මැව්නා ගීතයේ පද පෙළ

Sihinayak Mawuna Song Lyrics - සිහිනයක් මැව්නා ගීතයේ පද පෙළ
Song Title : Sihinayak Mawuna (සිහිනයක් මැව්නා)
Artist : Nuwandhika Senarathna
Music : Nimesh Kulasinghe 
Lyrics : Shehan Galahitiyawa
Teledrama : Iskole Teledrama Theme Song (ඉස්කෝලේ- ටෙලි නාට්‍ය) | TV derana


සිහිනයක් මැව්නා
කාලයක් ගෙව්නා
දෑස් යුග තෙමුනා
ආදරේ දැනුනා

පින්නේ පිනි සුළගේ
නිල්ලේ නිල් නෙතගේ
රංචු වෙන සුසුමේ
දැනුනු පෙම් හැඟුමේ

මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ

යහන මත වැතිරී මවන පෙම් සිහිනේ
දැනෙන සුව ඉතිරී හැඟෙන මේ රහසේ
සෙනෙහස ලබන්නයි
හැඟුමන් විඳින්නයි
පතන්නේ මා සදා මේ මිහිතලේ

දැහැන මත ඇතිරී දැනෙන සුව යහනේ
අහස දුර විසිරී මැවන රෑ තරැසේ
සෙනෙහස ලබන්නයි
හැඟුමන් විඳින්නයි
පතන්නේ මා සදා මේ මිහිතලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment