Sanda Song Lyrics - සඳ‎ ගීතයේ පද පෙළ

Sanda Song Lyrics - සඳ‎ ගීතයේ පද පෙළ
Song Title : Sanda (සඳ‎)
Lyrics : Samitha B. Atuwabendela


වැඩ ඇරී
එයි සඳ
දුම් වලාකුළු අතරින්
කිරණ දෑතින්
ගෙදර අහසේ කළුවර අහුමුලු
අතුගගා
ශුද්ධ කරමින්

වැඩ වැඩි දාට
ටාගට් කළුවර පිරී
අව අටවක වෙයි
වකුටුවී වකුටුවී වුව
එළිය දෙයි

ඇනුම්බැනුම් රාහු ආ දාට
පැළි හදවත
අමාවක වෙයි
ඒත් ආයෙත් පහුවදා
වටකුරුවට
අහස පුරා පායයි

දරුවන් හොඳින් නම්
පුන් සඳක් වෙයි
උළා රන් වන් පාට
මුහුණුවල
කෙමෙන් බැස යයි

බඩේ
සස කළලය තියාගෙන
නතර නොවී
ජීවිතය වටා
භ්‍රමණය වෙයි
සහසක් තරු මැඳ
පරණ චීත්තය ඇඳගෙන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment