🦜මිහිමවගේ සුන්දරත්වයත්,සමතුලිත භාවයත් ආරක්ෂා කිරීමට සමස්ත තුරුලතාවෝ හා සත්ත්වයෝ විශාල මෙහෙයක් සිදු කරති.
🦜ලොව පුරා සිදුවන පරිසර විනාශයත් සමගම මිහිමවගේ අපූරු දායාදයන් වන ශාක හා සත්ත්වයෝ බොහොමයක් මෙලොව හැර ගොස් අවසන්ය.ඒ වදවී ගෙන යන ජීවීන් සංරක්ෂණය කිරීමට ඔවුන්ගේ දත්ත සහ ඔවුන් ජීවත්වන පරිසරයන්ගේ ලක්ෂණ ඇතුළත් ගෝලීය වාර්තාව 🩸රතු ලයිස්තුව🩸 ලෙස හැදින්වෙනවා.
🦜තවත් ආකාරයකට ගතහොත් ජීව විද්‍යාත්මක විශේෂයන්ගේ ගෝලීය සංරක්ෂණ තත්වය පිළිබද ලොව වඩාත්ම පුළුල් ලේඛනය වන්නෙත් ගෝලීය රතු ලයිස්තුවයි.මෙහි ඉතිහාසය වර්ෂ 1964 දක්වා අතීතයකට විහිදෙයි.
🦜ජාත්‍යන්තර රතු ලයිස්තුව සකසන්නේ විශේෂ සහ උප විශේෂ දහස් ගණනක වදවීමේ අවදානම තන්සේරු කිරීමට නිර්ණායකද ඉදිරිපත් කරමිනි.
🦜මීට අමතරව රතු ලයිස්තුවෙහි ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ප්‍රතිපත්ති වෙනස් කිරීම,ඒ සදහා වන ක්‍රියා මාර්ග පිළිබද දැනුම්වත් කිරීම,ජනගහන පමාණය,වාසස්ථාන හා පරිසර විද්‍යාව,ඒවායේ භාවිතය,වෙළදාම,තර්ජන සහ සංරක්ෂණ තත්වය ආදී කරුණු සහ දත්ත ඇතුළත් වේ.
🦜මේ වන විට කාම්බෝජය, මියන්මාරය,චීනය,ඉන්දියාව ,ලාඕසය,මාලදිවයින,ශ්‍රීලංකාව,පාකිස්ථානය,නේපාලය,තායිලන්තය සහ වියට්නාමය යන ආසියාතික රටවල් රතු ලයිස්තු සකස් කරයි.
🦜වදවී යාමේ සම්භාවිතාව,භූගෝලීය පරාසය,ගහනයේ ප්‍රමාණය සහ ගහන පරිහානිය/වැඩිවීම මත පදනම්ව නිර්ණායකයන් 05 කට අදාළව විවිධ විශේෂයන්ගේ තර්ජිත තත්වය තක්සේරු කරයි.
🐾 ගහන පරිහානිය
🐾 සීමිත භූගෝලීය පරාසය
🐾 කුඩා ගහන ප්‍රමාණ සහ හායනය
🐾 ඉතා කුඩා හෝ සීමිත ගහන
🐾 වදවීමේ සම්භාවිතා විශ්ලේෂණය
🦜 මේ වන විට ගෝලීය රතු ලයිස්තුවට අනුව ශාක හා සතුන් විශේෂ 120,000 කට වැඩි ප්‍රමාණයක් තක්සේරු කර ඇත.දැනට තක්සේරු කර ඇති 120,000 අතරින් 32,000ක් වදවීමේ තර්ජනයට ලක්ව ඇති අතර ඉන් 41% උභය ජීවීන්ද,34% ශාක විශේෂ ද,33% කොරල් ද,26% ක්ෂීරපායීන් සහ 14% පක්ෂීන් ද වේ.
🦜 ශ්‍රී ලංකාවේ විශේෂයන් වදවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති හේතු කිහිපයකි.
🍄 වාසස්ථාන අහිමි වීම
🍄 සත්ත්ව දඩයම
🍄 ආක්‍රමණශීලී ආගන්තුක විශේෂයන් ව්‍යාප්තිය
🍄 ස්වාභාවික තර්ජන
දැනුම්පාරාදීසය
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment