ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale)

ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale) - Your Choice Way

සිංහලේ එක්සේසත් කල මහා නරපතීන් අතරින් ශ්‍රේෂ්ටතම ගණයෙහිලා සැලකිය හැකි  නරපතියෙකි , දුටුගැමුණු මහ රජතුමා . 

එලාරගේ පාලනය අවසන් කර  ලක්දිව සිංහලයන්ගේ සිංහ බිමක් කිරීමට හා යස ඉසුරින් පිරි මාතෲ භූමියක් ලෙසට ලක්දිව පත් කිරීමට බාල වියේ සිටම ගැමුණු කුමරුන්ගේ සිත් හි තදින් කා වැදී තිබුණ අදහසක් විය . 

තරුණ විය එලඹෙත්ම ඔහුගේ මේ අදහස වඩාත් තීව්‍ර විය . කාවන්තිස් පිය රජතුමා එලාර රජු සමගින් යුද්ධ කිරීමට කල් යල් බලමින් සිටි නිසාවෙන් ගැමුණු කුමරු පිය රජතුමාට සම්ච්චල් කරනු රිසින් කාන්තා ආභරණ  යවා , රාජ උදහසට ලක්වෙන බැව් දැන ගත් නිසා මලය රටට පැන ගියේය . 

එදා මලය රට අද කොත්මලේය . කොත්මලේට පැන ගත් ගැමුණු කුමරු එහි ගම් ප්‍රදානියාගේ නිවසේ නතර වී සාමන්‍ය කොලු ගැටයෙකු මෙන් ගොවිතැන් බත් කරමින් කටයුතු කරේ කාටත් සැක නොසිතෙන අයුරින්‍ ය . 

ගම් ප්‍රදානියාගේ දූවරු දෙදෙනෙක් වූ අතර එක් කෙනෙක් කළු මැණිකා වූ අතර අනෙකා රන් මැණිකා විය . රන් මැණිකා වඩාත් රූ බර වූ අතර ගැමුණු කුමරුගේ සිත් ගත්තේ ඇයයි . 

ගැමුණු කුමරු රන් මැණිකා සමගින් අස්වැද්දූයේ රණමුනේ වෙල් යායයි . ගතේ වෙහෙස නිවා ගැනීමට දිය නා ගත්තේ මෙම රණමුනේ පිහිල්ලෙනි . ගැමුණු කුමරු රජ බවට පත් නිසා මෙය රණමුනේ රජ පිහිල්ල විය . 

කාවන්තිස් රජුගේ මරණින් පසු ගැමුණු කුමරු සොයා පැමිණි කණ්ඩායම මෙම ස්ථානයේ ඇති ගල් තලාව මත හක්ගෙඩියක් කරකවා ගැමුණු කුමරු සිටිනා ඉසව්ව සොයා ගත් නිසා එය හක්මන ගල විය . 

ගැමුණු කුමරු මගුලැතු පිටින් ගොස් අභිසෙස් ලබා රට පර සතුරන්ගෙන් මුදා ගත්තේය . 

කොත්මලේ ගියොත් ඔබ නැරඹිය යුතුම තැනකි මේ පිහිල්ල හා අම්බලම . 
ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale) - Your Choice Way

ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale) - Your Choice Way

ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale) - Your Choice Way

ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale) - Your Choice Way

ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale) - Your Choice Way

ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale) - Your Choice Way

ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale) - Your Choice Way

ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale) - Your Choice Way

ගැමුණු කුමරු දිය නෑ රණමුනේ රජ පිහිල්ල හා අම්බලම - කොත්මලේ (Ranamuna - Kothmale) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment