Rahase Handana Song Lyrics - රහසේ හඬනා ගීතයේ පද පෙළ

Rahase Handana Song Lyrics - රහසේ හඬනා ගීතයේ පද පෙළ
Song Title : Rahase Handana (රහසේ හඬනා)
Singing : Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා) සහ Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ මහත්මිය) 
පද : කිත්සිරි නිමල් ශාන්ත
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලිසේ
තරූ සේ
තනිවී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහින් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්

ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලිසේ
තරූ සේ
තනිවී තැවෙනා පෙම් සුසුම්

සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී

ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්

ලා සඳු පායනා රැයේ
දිලිසේ
තරූ සේ
තනිවී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment