පුසුල්පිටිය යන නාමය ඇතිවීම පසුපස ජනප්‍රවාද ගතව ඉතාමත් දුක්මුසු වූ කතා පුවතක් පසුබිම් වී ඇත .
ඉතා ඈත අතීතයේදී මන්ත්‍ර ශ්‍රාස්ත්‍රයෙහි කෙල පැමිණි ගුරෙක් ඉන්දියාවේ සිට මෙහි පැමිණියේ කොත්මලේ ගඟ අසබඩ " නයින් කෙලිනා තොට " නම් ස්ථානයේ තිබූ රන් පුහුලක නිධානයක් ලබා ගැනීමේ අටියෙනි.
මෙම නිධානය ලබා ගැනීම පිණිස ලංකාවෙන් කාන්තාවක් විවාහ කොට ගෙන , ඇයට ලැබුණ තුන් කුලුදුල් දරුවා සත් වසක් පිරීමෙන් අනතුරුව නයින් කෙලිනා තොටදී බිලි පූජාවක් පවත්වා බිලි දී , රන් පුහුල ලබා ගත්තේය.
තම පුතු බිලි දීමෙන් පසු ව රන් පුහුල ලබා ගත්තත් , ඉන් පසු හට ගත් අධික පිපාසය නිසා අසල තිබූ ගල් තලාවක් මත රන් පුහුල තබා පැන් පානය කිරීමට හා ඇඟ පත සෝදාගැනීමට හේ ගඟට ගියේය .
මද වේලාවකින් නැවත පැමිණි පසු ඔහුට දැක ගැනීමට ලැබුණේ කුමක්ද ?
ගල් තලාව දෙබෑවී රන් පුහුල ඇතුලට කිඳා බැස තිබූ බවකි . ඔහුට වස්තු තණ්හාවෙන් හටගත් අධික ලෝබයෙන් තම එකම පුතුද , රන් පුහුල ද නැතිවී හමාරය .
ශෝකය දරා ගැනීමට අපහසු වූ නිසා ඔහුද ළය පැලී එතනම මැරී වැටුණේය .
පුහුල් ගෙඩිය ගිල්ල පිටිය පුසුල්පිටිය ලෙස නම් පබැදුනේ ඉන් අනතුරුවයි .
පසුකාලීනව පුසුල්පිටිය යන නාමය වඩාත් ප්‍රචලිත වූයේ දුටු ගැමුණු කුමරු හා බැඳුණ කතා පුවත් සමුදායක් නිසාවෙනි .
කාවන්තිස් රජු සමඟින් ඇති කරගත් ආරෝවක් හේතු කොට ගෙන රාජ උදහසට බියෙන් රුහුනේ සිට කොත්මලේ කොටගේ පිටියට පලා ආ ගැමුණු කුමරු ගුත්තා නමින් ගොවි තැන් බත් කරමින් , හරක් ආදී වූ සතුන් බලා ගනිමින් වසර 12 ක් පමණ කටයුතු සිදු කලේය .
වයස්ගත ව සිටි කාවන්තිස් රජු මරණයට පත් වූ නිසාවෙන් විහාර මහා දේවියගේ ඇරයුමෙන් ගැමුණු කුමරු රජ අභිසෙස් ගැන්වීමට ඔහුව සොයා දස මහා යෝධයන් පිරිවරා පංච තූර්ය වාදනය කරමින් මහ සෙනඟක් කොත්මලේට පැමිණියෝය .
කොත්මලේට පැමිණී ඔවුනට එක්වරම ගැමුණු කුමරු සිටිනා ඉසව්ව සොයා ගැනීමට නොහැකි වූයෙන් වත්මනෙහි " රණමුනේ පිහිල්ල " අසබඩ ඇති ගල් තලාව මතදී ජය සංඛයක් කරකවා ඔහු සිටිනා දිශාව සොයා ගත් අතර එතැන් පටන් එම ගල් තලාව " හක්මන ගල " ලෙස ව්‍යවහාර වන්නට විය.
එසේ පැම්ණි පිරිස, ගැමුණු කුමරු සිටිනා දිශාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔහුව සොයා පැමිණෙන විට ගැමුණු කුමරු සිටියේ පුසුල්පිටිය ගල් තලාවේ වාඩිවීගෙන හරක් බලනා කෙවිට අතැතිවය . හරක් රැල ඈතින් තණ කමින් සිටියෝය .
කඩොලැතු පැමිණ මේ ගොපලු කොලුවාට , ගමේ ගොවියාට දණ නමස්කාර නමස්කාර කරනු දුටු රැස්ව සිටි මහජනයා ද පුදුමයටත් විමතියටත් පත් ව සිදුවූ දේ අදහා ගත නොහැකිව ඔහු ඉදිරියේ දණින් වැටුණි .
තුන් හෙළේම එක්සේසත් කල ගැමුණු කුමරු පුසුල්පිටිය මහ ගල් තලාව මතදී ජනයා අමතා ඔවුන් ඉදිරියේ ඔටුණු පලඳා රජ අභිසෙස් ලැබුවේය .සක් හඬින් , බෙර නදින් , කුංච නාදයෙන් මුලු පළාතම ගිගුම් දුන්නේය .
ගැමුණු කුමරු අභිසෙස් ලැබූ තැන චෛත්‍යයක් ඉදිකොට ඔහුගේ ඔටුන්න හා ගවයින් බලාගත් කෙවිට නිධන් කොට ඇති බැව් ජනප්‍රවාද ගත කතා පුවතයි . පසුකාලීනව නිධන් හොරුන් මෙම චෛත්‍ය බිඳ රන් ඔටුන්න සෙවුවේය .
දේව ඇල්ම බැල්ම ඇති මේ වටිනා පුදබිමෙහි මේ සා පොළව නුහුලන අපරාධ සිදුකල අයවලුන්ට දේව දඬුවම් ලැබී නොමැති නම් මේ දහම බොරු විය යුතුය.
කඩොලැතුගේ දළ යුගල ද , ගැමුණු කුමරු සී සෑමට භාවිතා කල විශාල නඟුල ද මෙහි දැනුදු දැක ගත හැකිය .
දළදාව තුන් වරක් මෙහි වැඩ වාසය කර ඇති අතර , මෙහි ඇති සපු ගසක කුහරයක ද සඟවා තබා ඇත්තේ පර සතුරු තර්ජන වලින් දළදාව ආරක්ෂා කර ගැනීමට අපහසුම වූ කල්හිය . ඒ සපු ගස " දළදා සපුව " ලෙසින් දැනුදු හාස්කම් සමඟින් දැකගත් හැකි වීම සුවිශේෂී වේ.
ගුප්ත මලියදේව මහ රහතන් වහන්සේ විසින් මෙහි වැඩමවන ලද රන් පිළිමය තැන්පත් කිරීමට සිව්වැනි බුවනෙකබාහු රජු විසින් ඇත් දල වලින් සාදවා මැණික් ඔබ්බවා සකසන ලද මකර තොරණ අද වන විට නිධන් හොරුන් විසින් රැගෙන ගොස් ඇත .
පිය ගැට පෙළ 162 කින් සමන්විත " යකුන් බැන්ඳ පඩි පෙල " නමින් හඳුන්වන පඩිපෙලක් පර්වත මුදුනෙහි ඇති ගල් ගුහාවකට නැඟීමට යක්ඛයින් විසින් සාදවන ලද බවට ජනප්‍රවාදයේ එයි . ඒ විශ්මය ජනක පඩිපෙල අද ද දැක ගත හැකිය .
පුසුල්පිටිය රජමහා විහාරයේ ඔබ දැක බලා ගත යුතු බොහොමයක් දේ ඇත . අපේ උරුමය රැක ගැනීම අප සතු වගකීමකි .
ඔබත් වරක් හෝ මේ පින් බිම වැඳ පුදා ගන්න .
උරුමය රකිමු. උරුමය අගයමු . එයයි උරුමයක වරුණ අපේ පැතුම .
උරුමයක වරුණ
ගැමුණු කුමරු රට වැසියන් ඇමතූ ගල් තලාව මත ඉදි කර ඇති විහාරය . අද දක්නට ලැබෙන්නේ ගල් තලාවෙන් මෙම කොටස පමණි. |
පුරාවිද්යා දෙපාර්තමේන්තු නාම පුවරුව |
පැරණි ප්‍රතිමා ගෘහය |
ඇත් දළ කැටයමින් අලංකෘත , මැණික් ඔබ්බවා තිබූ , නිධන් හොරුන් සොරකම් කරන ලද මිල කල නොහැකි මකර තොරණ |
දුටු ගැමුණු රජු අභිසෙස් ගැන්වූ තැන ඉදි කරන ලද චෛත්‍ය. |
යකුන් තැනූ පඩි පෙල |
විහාර භූමියේ ඇති පැරණි වී අටුව |
ශෛල්‍යමය ගල් කුලුණ |
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment