Pena Bubulayi Song Lyrics - පෙන බුබුලයි ගීතයේ පද පෙළ

Pena Bubulayi Song Lyrics - පෙන බුබුලයි ගීතයේ පද පෙළ
Song Title : Pena Bubulayi (පෙන බුබුලයි)
Singing : සුපර් ගෝල්ඩන් චයිම්ස් Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා)
පද : ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා


පෙන බුබුලයි සුදු සඳ කැළුමයි
සුදු වැලි තලයයි සිපලා
වන සිරියයි මොණරිගෙ රැඟුමයි
කඳුගැට මුදුනයි දැකලා

අතුපතරින් මල් පෙති සිපලා
උණුසුම අකුලා යනවා
වසන්තයේ ආදර රහසක් ඇය
අපහට පවසනවා

පෙන බුබුලයි සුදු සඳ කැළුමයි
සුදු වැලි තලයයි සිපලා
වන සිරියයි මොණරිගෙ රැඟුමයි
කඳුගැට මුදුනයි දැකලා

සඳ කිරණින් වනපෙත දිලිලා
දිය ඇලි රැලි බැස යනවා
මල් කුමරියනගෙ මුව මත හැපිලා
සුවඳක් ගෙන එනවා

පෙන බුබුලයි සුදු සඳ කැළුමයි
සුදු වැලි තලයයි සිපලා
වන සිරියයි මොණරිගෙ රැඟුමයි
කඳුගැට මුදුනයි දැකලා

ආ... ආඅඅ ආ.....
හාආ හාආ.. හාආ ආ.....

1973 දී නිකුත්වූ The Super Golden Chimes at Kataragama තැටියට ඇතුළත් වූ ගීයකි.(EP Sooriya / CHB 032)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment