Paramitha Bala Song Lyrics - පාරමිතා බල ගීතයේ පද පෙළ

Paramitha Bala Song Lyrics - පාරමිතා බල ගීතයේ පද පෙළ
Song Title : Paramitha Bala (පාරමිතා බල)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නන්දා මාලිනී ඇතළු පිරිස (පිරිස පිරිමි, පිරිස කාන්තා, පිරිස එක්ව)
පද රචනය : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


නමෝතස්ස භගවතෝ අරහථෝ සම්මා සම්බුද්ධස්ස 
(නමෝතස්ස භගවතෝ අරහථෝ සම්මා සම්බුද්ධස්ස)
නමෝතස්ස භගවතෝ අරහථෝ සම්මා සම්බුද්ධස්ස
(නමෝතස්ස භගවතෝ අරහථෝ සම්මා සම්බුද්ධස්ස)

පාරමිතා බල පූරිත පූජිත
‍බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ

ආ. ආ ආ ආ ආ..

පාරමිතා බල පූරිත පූජිත
‍බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ

සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදුගුණ මූදේ

පාරමිතා බල පූරිත පූජිත
‍බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ

සනසා මුළු ලොව නිවන් ලබාදී
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි  ...//

සණරාමර ගුරු ලෝක ශිවංඛර
බුද්ධ දිවාකරයාණෝ

සණරාමර ගුරු ලෝක ශිවංඛර
බුද්ධ දිවාකරයාණෝ
 
මාර පරාජය කළ මුනිඳුන්ගේ

මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් දහරා
ගලා බසී තුන් ලෝ තලයේ දුක් ගිමන් නිවා අම සෙත සාදා

බුදුරැස් කැටි වී නැඟි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ

බුදුරැස් කැටි වී නැඟි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ

පාරමිතා බල පූරිත පූජිත
‍බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment