Naukawa Song Lyrics - නෞකාව ගීතයේ පද පෙළ

Naukawa Song Lyrics - නෞකාව ගීතයේ පද පෙළ
Song Title : Naukawa (නෞකාව)
Artist : Dhanith Sri
Concept : Dhanith Sri
Lyrics, Melody & Music Arrangement : Dhanith Sri
Music Composition : Sanjula Himala @ ReaZon Records


ඇදී යන්නේ
මේ දිගන්තේ මාරුතේ හැපී
මන්දාකිණි හමුවේවිදෝ
අහස් ගග තරණයේ

වසන්තේ
දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා

නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ

තරමක උසට වැඩුනු
හය හතරක ඇඟකට
උරුම කරුවෙකු
නොවන මගෙ පපුවට
ලොකු පොඩි හැම දෙයක්ම දැනුනා
මග බලන බලන තැන
හුස්මට දුවගෙන
තරුම හොයන් යන
මේ දිවි ගමනක
කෙළවර එක බව මට දැනුනා

වසන්තේ
දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා

නිමා වෙන්නේ මේ ජීවේ
රිද්මයකට හුරු වූ
හඹා යන්නේ මායාවේ
අතීතයම රැවටු

වසන්තේ
දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා

ගමනේ
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ

නෞකාවේ
ගමනේ
ඇදී යන්නේ
මේ දිගන්තේ
මාරුතේ හැපී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment