මාළු බිත්තර ව්‍යංජනය හදමු (Malu Biththara Wayanjanaya Hadamu)

මාළු බිත්තර ව්‍යංජනය හදමු (Malu Biththara Wayanjanaya Hadamu) - Your Choice Way
මෙය ඉතා පෝෂණීය රසවත් ආහාරයක්, විශේෂයෙන්ම ගැබිනි මව්වරුන්ට හා කුඩා දරුවන්ට ගුණදායක යි.

✅අවශ්‍ය දේවල් :

  • මාළු බිත්තර ග්‍රෑම් 250g
  • මිරිස් කුඩු තේ හැදි 1 1/2
  • අබ කුඩු තේ හැදි 1/2
  • තුනපහ කුඩු තේ හැදි 1/2
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • සුදු ළුනු බික් 2
  • කුඩා ඉඟුරු කැබැල්ලක්
  • රම්පේ
  • කරපිංචා
  • තක්කාලි ගෙඩි 2
  • ලුණු
  • කුරුඳුපොතු කැබැල්ලක්
  • බැදගත් උළුහාල් තේ හැඳි 1/4 ක් පමණ
  • කහ තේ හැඳි 1/4 ක්
  • පොල් කිරි කෝප්ප 2 ක් (මිටි කිරි 1යි, දියකිරි 1යි)
  • අමු මිරිස් කරල් 3 ක්
  • ලියා ගත් රතු ළූණු අහුරක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම මාළු බිත්තර පොඩි නොවන සේ තිත්ත කොටස ඉවත් කර සෝදා බඳුනකට දමා ගන්න.
  2. පසුව එයටම ලියාගත් රතු ළූණු, රම්පේ, කරපිංචා, අමුමිරිස්, කුරුඳුපොතු, ලියාගත් සුදු ළූණු, ඉඟුරු, මිරිස් කුඩු, අබ, තුන පහ, කහ, ගම්මිරිස් හා බැදගත් උළුහාල් එකතු කරන්න.
  3. ඉන්පසු අවශ්‍ය පදමට ලුණු දමා දියකිරිද සමඟ ලිප තබන්න.
  4. එය පැසී සිඳීගෙන එන විට තක්කාලි කපාදමා මිටි කිරිද එක්කරන්න.

✅ වැදගත් :

  • මාළු බිත්තර පොඩි නොවන සේ භාජනය සොලවා කළවම් කිරීමට සැළකිලිමත් වන්න.

මාළු බිත්තර ව්‍යංජනය හදමු (Malu Biththara Wayanjanaya Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment