මෙය ඉතා පෝෂණීය රසවත් ආහාරයක්, විශේෂයෙන්ම ගැබිනි මව්වරුන්ට හා කුඩා දරුවන්ට ගුණදායක යි.
✅අවශ්‍ය දේවල් :
- මාළු බිත්තර ග්‍රෑම් 250g
- මිරිස් කුඩු තේ හැදි 1 1/2
- අබ කුඩු තේ හැදි 1/2
- තුනපහ කුඩු තේ හැදි 1/2
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- සුදු ළුනු බික් 2
- කුඩා ඉඟුරු කැබැල්ලක්
- රම්පේ
- කරපිංචා
- තක්කාලි ගෙඩි 2
- ලුණු
- කුරුඳුපොතු කැබැල්ලක්
- බැදගත් උළුහාල් තේ හැඳි 1/4 ක් පමණ
- කහ තේ හැඳි 1/4 ක්
- පොල් කිරි කෝප්ප 2 ක් (මිටි කිරි 1යි, දියකිරි 1යි)
- අමු මිරිස් කරල් 3 ක්
- ලියා ගත් රතු ළූණු අහුරක්
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින්ම මාළු බිත්තර පොඩි නොවන සේ තිත්ත කොටස ඉවත් කර සෝදා බඳුනකට දමා ගන්න.
- පසුව එයටම ලියාගත් රතු ළූණු, රම්පේ, කරපිංචා, අමුමිරිස්, කුරුඳුපොතු, ලියාගත් සුදු ළූණු, ඉඟුරු, මිරිස් කුඩු, අබ, තුන පහ, කහ, ගම්මිරිස් හා බැදගත් උළුහාල් එකතු කරන්න.
- ඉන්පසු අවශ්‍ය පදමට ලුණු දමා දියකිරිද සමඟ ලිප තබන්න.
- එය පැසී සිඳීගෙන එන විට තක්කාලි කපාදමා මිටි කිරිද එක්කරන්න.
✅ වැදගත් :
- මාළු බිත්තර පොඩි නොවන සේ භාජනය සොලවා කළවම් කිරීමට සැළකිලිමත් වන්න.
0 comments:
Post a Comment