Mage Athmaya Oben Muda Hara Song Lyrics - මගේ ආත්මය ඔබෙන් මුදා හැර ගීතයේ පද පෙළ

Mage Athmaya Oben Muda Hara Song Lyrics - මගේ ආත්මය ඔබෙන් මුදා හැර ගීතයේ පද පෙළ
Song Title : Mage Athmaya Oben Muda Hara (මගේ ආත්මය ඔබෙන් මුදා හැර)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)
පද : ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


මගේ ආත්මය
ඔබෙන් මුදා හැර
සුවපත් කළ පින ඔබට අයිති වේ
ළඳුනේ නැවතත්
මඟතොට හමුවී
ඔබ පව් පුරවා ගන්න එපා ...//

මගෙ හදවත හොඳටෝම රිදෙන තුරු
හැඬුවෙමි රෑ ගණනක් තිස්සේ ...//
යළි රිදුනෝතින්
හඬන කඳුළු නැත
හමු නොමවන් භවයෙන් භවයේ

මගේ ආත්මය
ඔබෙන් මුදා හැර
සුවපත් කළ පින ඔබට අයිති වේ
ළඳුනේ නැවතත්
මඟතොට හමුවී
ඔබ පව් පුරවා ගන්න එපා

මගෙ සිතුවිලි මියයාද සියලු දින
නොකියමි නෑ හදවත ගොළුවී ...//
යළි නෙත ගැටුනොත්
හඬන රිදුම් එත
හමු නොමවන් යළි කිසි දවසේ

මගේ ආත්මය
ඔබෙන් මුදා හැර
සුවපත් කළ පින ඔබට අයිති වේ
ළඳුනේ නැවතත්
මඟතොට හමුවී
ඔබ පව් පුරවා ගන්න එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment