Kumari Babasara Song Lyrics - කුමරි බඹසර ගීතයේ පද පෙළ

Kumari Babasara Song Lyrics - කුමරි බඹසර ගීතයේ පද පෙළ
Song Title : Kumari Babasara (කුමරි බඹසර)
Singing : Nanda Malani (විශාරද නන්දා මාලනි මහත්මිය)
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලි දෙමි
බිලි ගනින් මා බිලි ගනින්
කුමරි බඹසර බිලි ගනින්

ශිල්ප සඳහා ලැබූ සහතික
හදේ ගින්නෙන් දවමි තොප ළඟ
මුදල අගයන තොපේ ලොවකට
උගත්නම් ගුණ දහම් කුමටද

කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලි දෙමි
බිලි ගනින් මා බිලි ගනින්
කුමරි බඹසර බිලි ගනින්

තොපට බිලිවී තොපෙන් සුරැකී
කාණු පල්ලේ පළි ගසන්නෙමි
දිනෙක තොපගේ ලොවම බිලි ගෙන
අපේ ලෝකය ගොඩනඟන්නෙමි

කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලි දෙමි
බිලි ගනින් මා බිලි ගනින්
කුමරි බඹසර බිලි ගනින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment