✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- තෙත හාල් පිටි 500g
- පාන් පිටි 500g
- සිනී 500g
- පොල්තෙල් බෝතල් 1/2
- කරදමුංගු ස්වල්පයක්
- මා දුරු ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
✅ සාදන ක්‍රමය :
- පළමුව සීනි මේස හැඳි 4ක් පමණ ගෙන එයට වතුර අඬු කෝප්ප 1 දමා සිනී පැණි (සීනි කැරමල් ) සදා ගන්න.
- ඉන් පසුව එයට ඉතුරු සීනි ප්‍රමාණයද එක්කර උණු කර ගන්න.එය නිවන්නට හරින්න.
- ඉන්පසු හාල් පිටි සහ පාන් පිටි එකට කලවම් කර 3 වරක් හලා ගන්න.
- හලා ගත් පිටි වලට කබලේ බැද කුඩු කරගත් කරදමුංගු, මා දුරු එක්කර කලවම්කර ගන්න.ලුණු ස්වල්පයක්ද එක්කර ගන්න.
- ඉන් පසු සදා ගත් පැණි මිශ්‍රණයෙන් ටික ටික එක්කර මින් නුලක් ආකාරයට වැක් කෙරන ආකාරයට පදම එන තෙක් පිටි මිශ්‍රණ අනා ගන්න.
- ඉන් පසු ගැඹුරු තෙලේ බැද ගන්න.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Related Posts :
0 comments:
Post a Comment