🔶මිනිසා විවිධ අත්හදා බැලීම් සිදු කරලා ඒ තුළින් නව සොයා ගැනීම් සිදු කිරීම නිසා තමයි මානව ඉතිහාසයේ දියුණුවක් ඇති වුණේ.
🔶මේ මොහොතේදීත් මිනිසා ලෝකයට නව නිෂ්පාදන බිහි කිරීමේ කාර්යයෙහි නියැළෙමින් සංවර්ධනය වෙනුවෙන් වෙහෙසෙනවා.
🔶අතීත මානවයාගේ විශිෂ්ටතම සොයා ගැනීමක් ලෙස ගින්දර හදුන්වා දෙනවා සේම ඊට නොදෙවෙනි තවත් උපාංගයක් තමයි රෝදය කියන්නේ.
🔶සමාජ දියුණුවත් එක්ක බොහෝ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ සදහා රෝදය යොදා ගත්තා.
එහෙත් එදා රෝදය සොයා නොගත්තා නම් ගමනාගමනය පමණක් නෙවෙයි, ඉදිකිරීම්,විවිධ ගෘහස්ථ ගත උපකරණ නිර්මාණය කිරීමට නොහැකි වෙන්න ඉඩ තිබුණා.
😁✍️මේ රෝදය ආ ගමන්මග ගැන තොරතුරුයි...
🎈රෝදය යන නාම පදය අපේ සිහියට එක් කරන්නේ රවුම් හැඩයක්.
🎈රෝදය නිර්මාණය කිරීමට මුල්ම අඩිතාලම යොදා තිබෙන්නේ ගස් කැපීමෙන් පසු ඒවා එහා මෙහා කිරීමේ පහසුව සදහා තල්ලු කිරීමටයි.ගස් කදන් කුට්ටිකර වට රවුම සුමට කිරීමෙන් එය පෙරළීමට පහසු වුණා.
🎈ඉන්පසු ගස් කුට්ටියෙහි මැදින් සිදුරක් සාදා එයට දණ්ඩක් නැතිනම් ඇක්සල් එකක් යොදා රෝද දෙකක් එක්කර තනි කුට්ටිය වෙනුවට ද්විත්ව රෝද උපාංගයක් සාදා ගත්තා.
🎈මෙය තව තවත් දියුණු කළ මානවයා රෝද දෙක තුන,හතර දක්වා දියුණු කළා.
🍈ඔයාලා දැකලා තියෙන කරත්ත නිමවලා තියෙන්නෙත් මේ රෝද යොදාගෙන තමයි.
ඒ සදහා ලෝහ රෝදයද, ලෝහ පට්ටමද පසු කාලයේ නිපදවූවා.
🍈ලී වලින් මෙන්ම ලෝහවලින් ද රෝද සකස්කර එහි ඇක්සල් කොටස කම්බි හෝ ලී දඩුවලින් සම්බන්ධකර යාන්ත්‍රික රෝදයක් දක්වා පියවරෙන් පියවර දියුණු වුණා.
🍈ඔයාලා අහලා තියෙන කුඹල් රෝදයද නිර්මාණය කරලා තියෙන්නේ මැටි භාණ්ඩ නිෂපාදනය සදහාමයි.
🎀අවුරුදු පන්දහසකට පෙර ඓතිහාසික මෙසපොතේමියාවේදී රෝදය භාවිතා කර ඇති බව හෙළි වෙනවා.
🎀රවුම් ලී කදන් පෙළට තබා ඒ මත විශාල දැව කදන් තබා තල්ලුකර ගෙන යා හැකි බව ද ඔවුන් අත්දැකීමෙන් තේරුම ගත්තා.
🎀රෝදයේ පිට රවුම හා මැද කොටස යා කෙරෙන ස්පෝක් යෙදීම ආරම්භ වී දැනට වර්ෂ 2000 ක් පමණ ගත වී තිබෙනවා.
🍀රෝදය සොයාගෙන තියෙන්නේ (ක්‍රි.පූ.10000) නව ශිලා යුගයේදී කියලා තමයි විශ්වාස කරන්නේ.
🍀මිනිසුන් විසින් හෝ සතුන් විසින් හෝ ඇදගෙන යනු ලැබූ කරත්ත ගමනාගමනයටත්, භාණ්ඩ රැගෙන යාමටත් යොදා ගත්තා.
⚜️මිනිසා විසින් අත්හදා බැලීම් කිරීමේදී රෝදයේ ඒ ඒ උපාංග වෙන වෙනම සංවර්ධනය කරා.
⚜️රෝදයේ පිට රවුම රිම් යනුවෙනුත්, රෝදයේ මැද කොටස යා කරන කඩබි හෝ ලී දඩු ස්පෝක් යන නමිනුත් හැදින්වුවා.
⚜️ඉන්පසුව රෝද තනිව ක්‍රියා කරවීම වෙනුවට රෝද එකිනෙකට සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මතුවුණා.
🎠ඒ සදහා නව යාන්ත්‍රික ක්‍රමයක් යොදා ගත්තා.
🎠රෝදයේ රිම් එකේ ඇති දැති රෝද මගින් ලොකු හා පොඩි රෝද යා කිරීමත් රෝද අතර සම්බන්ධය ඇති කරන රබර් පටි මගින් රෝද කරකැවීමත් සිදු කෙරුණා.
🎠මුල් කාලයේ යොදාගෙන තිබූ රළු ලෝහමය රෝද වෙනුවට රබර් යොදා සකස්කරගත් රෝද යොදා ගත්තා.
🎠පසුව වාහන රෝද සුළං පිරවූ රෝද බවට පත්වුණා.
🎠අපේ අතේ පළදින කුඩා ඔරලෝසුවක පවා යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන එකිනෙක හා සම්බන්ධ කුඩා දැති රෝද ගණනාවක් තියනවා.
🔵19 වන ශත වර්ෂයේදී ඇති වූ කාර්මික විප්ලවය මෙහෙයවීම සදහා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන ලද්දේ රෝද විසින්ම තමයි.
🔵අනාදිමත් කාලයේ රෝදය කැරකැවීම සදහා සත්ත්ව බලය හා මිනිස් බලය යොදා ගත් අතර කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් වාෂ්ප බලය හා ජල බලය යොදා ගැණිනි.
🔵පසුව ඉන්ධන හා විදුලි බලයද න්‍යෂ්ටික බලයෙන් ද රෝදය ක්‍රියාත්මක කෙරිණි.
⚫රෝදයක් කැරකෙන්නට නම් එයට ඉදිරියෙන් ඇදීමක් හෝ පිටුපසින් තල්ලු කිරීමක් සිදුකළ යුකුයි.
⚫කරත්තයක් ඇද ගෙන යෑම සදහා ගොනුන් විසින් කරනු ලබන්නේ ද ඒ ආකාරයෙන් ඇද ගෙන යාමයි.
⚫විල්බැරෝවක් ඉදිරියට යන්නේ එය පිටුපසින් තල්ලු කරන විටනේ.ඒ වගේම තමයි රෝදයකට ඉදිරියෙන් හා පිටුපසින් එක සමාන බලයන යෙදීමෙන් රෝදය කැරකැවීමක් සිදුවෙන්නේ නැහැ.
📍රෝදයක් කැරකෙන්නට අවශ්‍ය අනෙක් බලය වෙන්නේ එහි හබ් එකට යෙදූ ඇක්සලයට යාන්ත්‍රික හෝ විද්‍යුත් බලයක් ලබා දීමයි.
📍මෝටර් රථයක රෝද කරකැවෙන්නේ ඒ ආකාරයටයි.
📍එම කරකැවීම නතර කිරීමට නම් ඇක්සලයට ලබා දෙන කැරකැවීමේ බලය නතර කරන්න ඕන.
📍එසේ නැති නම් රෝදයට යෙදූ තිරිංග මගින් එහි කැරකැවීම පාලනය කළ යුතු වෙනවා.
මේ වගේ තවත් වටිනා තොරතුරු දැන ගන්න එක් වන්න අප සමග...😁✍️🙏🙏🙏 දැනුම්පාරාදීසය
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment