🦻👂🤏කන යනු ශ්‍රවණය සඳහාත්, ක්ෂීරපායීන් තුළ සමබරතාව පවත්වාගැනීම සඳහාත්, වැදගත් වන අවයවයයි.
⭕️ ක්ෂීරපායීන් තුළ කන ප්‍රධාන කොටස් තුනකට බෙදා විස්තර කෙරේ.එනම් බාහිර කන, මැද කන සහ ඇතුළු කන ලෙසයි. බාහිර කන යටතට කන්පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලය අයත් වේ.
⭕️ බොහෝ සතුන්ගේ බාහිර කන පමණක් පිටතට දිස්වන නිසා "කන" යන වදන බොහෝ විට එහි බාහිර කොටසට භාවිතා කරන දැකිය හැක.
⭕️ මැද කන යටතට, කර්ණපටහ කුටීරය සහ කර්ණ අස්ථිකා තුනක් අයත් වේ.
අස්ථිමය ගහනය තුළ ඇතුළු කන පිහිටා ඇති අතර, එය නොයෙකුත් සංවේදනයන් ප්‍රතිග්‍රහණයට වැදගත් වන විවිධ ව්‍යුහ දරයි:
ඒ අතර ක්ෂණික චලනවලදී දේහ සමතුලිතතාව පවත්වා ගැනීමට වැදගත් අර්ධ චක්‍රාකාර නාල, ස්ථිතික සමතුලිතතාව සඳහා වැදගත් තුම්භිකාව සහ ස්‍යෝනිකාව ද, ශ්‍රවණය සඳහා වැදගත් කර්ණශංඛය යන ව්‍යූහ වැදගත් වේ. පෘෂ්ඨවංශීන්ගේ කන හිසේ දෙපස යම් සමමිතික ආකාරයකින් ස්ථානගත වී පවතී.
⭕️ කන වර්ධනය වන්නේ මුල් කලලයේ පළමු ග්‍රසනික මඩියෙන් සහ බහිෂ්චර්මයෙන් ඇති වන ශ්‍රවණ ඵලකාභයෙන් හටගන්නා ඉදිමුම් හයකිනි.
⭕️ නොයෙකුත් ආසාදන සහ අනතුරු හේතුවෙන් කනට හානි සිදු විය හැක. කනේ ඇතිවන රෝග හේතුවෙන් බිහිරිභාවය සහ සමබරතාවේ අක්‍රමවත් භාවයන් ඇති විය හැක.
⭕️ බොහෝ විට මෙවැනි තත්ත්ව හටගන්නේ මොළයේ හෝ කනෙහි දිවෙන ස්නායුවලට සිදුවන හානි නිසායි.
⭕️ මානව කන ප්‍රධාන කොටස් තුනකින් සමන්විත ය. බාහිර කන, මැද කන සහ ඇතුළු කන ඒවා වේ
⭕️ බාහිර කනේ පිහිටි බාහිර ශ්‍රවණ නාලය, මැදකනේ කර්ණපටහ කුහරයෙන් වෙන්කරන්නේ කන්බෙරය මගිනි. මැද කන කුඩා අස්ථිකා තුනකින් සමන්විත ය. කර්ණ අස්ථිකා ලෙස හඳුන්වන මේවා ධ්වනි සම්ප්‍රේෂණය සඳහා වැදගත් වේ. මැද කන යුස්ටේකීය නාළයේ ග්‍රසනික විවෘතවීම හරහා උගුරේ නාසාග්‍රසනිකාව වෙත විවෘත වේ. ඇතුළු කන තුම්භිකාව සහ ස්‍යෝනිකාව යන කර්ණාශ්ම අවයව දෙකෙන් ද, අර්ධ චක්‍රාකාර නාල සහ ශ්‍රවණ පද්ධතියට අයත් කර්ණශංඛය යන අවයවයන්ගෙන් සමන්විත ය.
0 comments:
Post a Comment