සිංහල රාජාවලියේ වඩාත් දුක් ගැහැට විඳිමින් , සතුරු අභියෝග රාශියක් ජය ගනිමින් රාජ්‍යත්වයත්, සිංහල ජාතියත් , බුද්ධ ශාසනයත් ආරක්ෂා කල වඩාත් රණකාමී , බුද්ධිමත් රජෙකු වේනම් ඔහු වළගම්බා මහ නිරිඳා පමණක්ම වීය .
ඔහු අනුරපුරයේ රාජ්‍ය පාලනය කරන සමයේ දකුණු ඉන්දියාවෙන් පුලහත්ත ඇතුලු සත් දෙනෙකුගෙන් සමන්විත ආක්‍රමණිකයින් පිරිසක් අනුරපුරයට කඩා වැදුණි .
ඔවුන්ගේ සේනාව වඩා බලවත් බැවින් යුද්ධයකට ගිය හොත් සිංහල සේනාව ප්‍රමාණවත් නොවන නිසා ඉතා ඉක්මනින් විනාශ වෙන දුටු බැව් රජතුමා කැලෑ වැදීමට තීරණය කරන ලද්දේ එහිදී වඩා විශාල සේනාවක් හා යුද්ධයට අවශ්‍ය අනෙකුත් කළමනා ආදිය රැස් කර ගත යුතු වූ නිසාවෙනි .
වලගම්බාවන් දඹුලු ලෙනට වී මෙසේ සේනා සංවිධානය කරන බැව් දැන ගත් පර සතුරන් මහ සේනාවක් සමගින් රජුව අල්ලන රිසියෙන් මාතලේට පැමිණීමට පෙර රජු රඹුක්කන කැලෑ දඹුල්ලට පැමිණ සිටියේය .
ඇත්තෙන්ම සිදුව තිබුණේ , රඹුක්කන කැලෑ දඹුල්ලද , මාතලේ දඹුල්ලද යන දෙකම දඹුල්ල ලෙස සංග්‍රාමික උපක්‍රමයක් ලෙස ව්‍යවහාර කිරීමයි .
සතුරන් මාතලේ දඹුල්ලට පැමිණ කල රජු නැත . රජු ඇත්තේ රඹුක්කන කැලෑ දඹුල්ලේය . සතුරු සේනාව රඹුක්කනට එන බැව් දැනගත් රජු නැවත මාතලේ දඹුලු ලෙනට රහස් මාර්ගයකින් මාරු විය .
රඹුක්කන කැලෑ දඹුල්ලට ද්‍රවිඩ සතුරන් පැමිණ රජු සොයා ගැනීමට බැරි වූ තැන හිස් අතින් ආපසු ගියෝය .
සිංහල රජු උපායෙන් ජය ගත්තේ එසේය .
වළගම්බාවන් රඹුක්කන දඹුල්ලේ නතර වී සිටි ගුහාවේ කටාරම් කප්පවා , එහි ඇති ගල් තලාවේ සිරි පතුලක් කොටවා මහ සඟ රුවනට පිදූ අතර සතුරන් පරදා නැවත අනුරපුරයෙහි ජය කෙහෙලි නැංවූ විට රඹුක්කන කැලෑ දඹුල්ලට මහත් වූ රාජානුග්‍රහයක් ලබා දී ඇත .
මහනුවර යුගයේ දී රජ පැමිණි කීර්තී ශ්‍රී රජතුමන් මෙම ස්ථානය පිළිබඳව දැන ගෙන මෙහි ඇති ගල් ගුහාව තුල විශාල සැතපෙන පිළිමයක් ඉදි කිරීමට රණ ශූරයෙකු වූ ලෙව්කේ අධිකාරමට පැවරීය .
ඔහු ඉතා දැකුම්කළු අන්දමින් එය ඉටු කල අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙහි පැමිණ විහාර මන්දිරය දැක ඉමහත් සතුට ට පත් විය .
ලෙව්කේ අධිකාරම ගේ පිළිරුව ද සැතපෙන පිළිමය අසල දැනුදු දැක ගත හැකියි .
මෙවන් වූ ඓතිහාසික වටිනාකමින් යුතු මෙම ස්ථානය රැක ගැනීම අප සැමගේ වගකීමකි .
වරක් හෝ ගොස් වැඳ පුදා ගන්න .
උරුමය අගයමු - උරුමය රැක ගනිමු .
උරුමයක වරුණ
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment