Iwasillak Na Song Lyrics - ඉවසිල්ලක් නෑ ගීතයේ පද පෙළ

Iwasillak Na Song Lyrics - ඉවසිල්ලක් නෑ ගීතයේ පද පෙළ
Song Title : Iwasillak Na (ඉවසිල්ලක් නෑ)
ගායනය : උපාලි කන්නංගර
පද : සිනෙත් බැද්දගේ
තනුව : උපාලි කන්නංගර


ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූණ නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙන තුරා
මට ඔය දෑත නඟේ
ඇස්වහ නෑ කටවහ නෑ
නුඹෙ රූපෙට උපමා නෑ
මනලෝල සිනාවට ආශා වෙලා
මගෙ හිත උන්මාද වෙලා

ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූණ නුඹේ

දුටුව දිනේ මන බැඳුණේ නුඹ දඟකාර නිසා
තවත් අගේ වැඩි වෙන්නේ ආඩම්බර හින්දා
හඳක් වගේ සුදු මුහුණේ ඇඳෙන සිනා දැකලා
මටත් හොරා බොළඳ මගේ හිත මනමාල වෙලා

ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූණ නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙන තුරා
මට ඔය දෑත නඟේ

මල් වයසේ සමනලියේ නුඹෙ ආදරය පතා
මම එන්නේ හද පතුළේ ඇති ආදරය නිසා
හැම මොහොතේ ළතැවිල්ලේ මම ඉන්නේ ඉවසා
හැංගෙන්නේ ඇයි කෙල්ලේ ආදර හිත හංගා

ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූණ නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙන තුරා
මට ඔය දෑත නඟේ
ඇස්වහ නෑ කටවහ නෑ
නුඹෙ රූපෙට උපමා නෑ
මනලෝල සිනාවට ආශා වෙලා
මගෙ හිත උන්මාද වෙලා

ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔය සුදු මූණ නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙන තුරා
මට ඔය දෑත නඟේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment