ඉසුරුමුණිය යන්නෙන් අදහස් කර ඇත්තේ ඉසුරුමත් මුණිවරයාගේ වාසභවන යන්නයි . ලංකාවට දන්ත ධාතුව වැඩමවීමෙන් පසු මෙම ස්ථානයේ තැන්පත් කර තිබූ බැව් සඳහන් වේ .
ඉසුරුමුණිය ගල් කැටයම් කලාවේ ජීවමාන ප්‍රතිමූර්තියක් ලෙස හඳුන්වා දිය හැකිය . ඒ කෙසේ නමුත් පැවති සාම්ප්‍රදායික සීමා මායිම් කඩා බිඳ දමමින් බෞද්ධ සිද්ධස්ථානයක ඇතුලුවන දොරටුවේ මිනිසා සහ අශ්ව හිස කැටයමක් නෙලා තිබීම ප්‍රහේලිකාවකට බඳුන් වෙන කරුණකි .
ඒ කෙසේ නමුත් මේ කැටයම පිළිබඳව විවිධ උගතුන් වියතුන් විවිධාකාර වූ අර්ථ නිරූපණයන් ඉදිරිපත් කර ඇත .
ආනන්ද කුමාරස්වාමි මහතා මෙමගින් නිරූපණය වන්නේ කපිල ඉසිවරයා බැව් සඳහන් කරයි .
මහාචාර්‍ය සෙනරත් පරණවිතානයන් මෙමගින් නිරූපණය වන්නේ අග්නි ( ගින්දර )සහ පර්ජණ්‍ය ( වැස්ස ) බවට අදහස් ප්‍රකාශ කර ඇත .
තවත් මතයකින් කියවෙන්නේ යුද්ධයට ගොස් පැමිණි අශ්වාරෝහකයෙක් තම අශ්වයා සමඟින් ලද ඇසිල්ලේ විවේක ගන්නා අයුරුය .
කරුණු කාරණා කෙසේ වුවත් හෙල ගල් කැටයම් කලාවේ කූට ප්‍රාප්තිය ඉසුරුමුණියේ ඇති මෙම කැටයමෙන් මෙන්ම ඉසුරුමුණි පෙම් යුවල කැටයමෙන්ද , රජ පවුල කැටයමෙන්ද විද්‍යාමාන වන බැව් කිවයුතුමය.
උරුමයක අභිමානයත් සමගින් අභිමානවත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස දිවි ගෙවමු .
පෝස්ටුව කියවා අන් අයටත් කියවීමට share කරන්න .
උරුමයක වරුණ
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment