Song Title : Hithata Tharawatuwak (හිතට තරවටුවක්)
Lyrics : Lihini Umanga
පුංචි දේටත් තැලී විසිරී
නෙතේ කඳුලැලි පිරෙන හන්දා
මේලෝකේ බොහෝදෙනෙක් ළඟ නැති
තදම තද ගල් හිතක් සෙවුවා
හැමතැනම ඇත බොහොම ලාබෙට
එත් ගන්නට හිතක් නැතුවා
මගේ ළඟ ඇති අහිංසක හිත
නුඹට මහමෙර වගේ හන්දා
මෙගේ නෙතු අග කඳුළු දැකලා
නුඹේ හිත පසුතැවෙන හන්දා
" මාව හඬවා නොරිදන්න හිත "
අනේ ඔහු පව් හිතට කිවා
0 comments:
Post a Comment