සිංහල රාජාවලියේ දාන පාරමිතාව සපිරූ බෝසත් ගුණයෙන් යුතු මහ නිරිඳෙක් සිටියේ නම් ඒ සිරිසඟබෝම නම් වීය .
තම දෙටු සොහොයුරු වූ ගෝඨාභය කුමරු මහ සෙනඟක් රැගෙන විත් අනුරපුර නගරය ආක්‍රමණය ට සැරසුන මොහොතක ,
යුද්ධයකට යාමෙන් තම සේනාවත් , රට වැසියනුත් අනතුරේ ලක්වන බැව් අවබෝධ කරගත් සිරිසඟබෝ රජු
සිහසුන අතහැර වන වැදීමට තීරණය කලේ ලේ වැගිරීමෙන් ලබා ගන්නා ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණය ක් නොවන බවත් දසරාජ ධර්මයෙන් රට පාලනය කිරීමේ වටිනාකමත් මැනවින් අවබෝධ කොටගත් නිසාවෙනි .
මෙසේ වන වැදුණ සිරිසඟබෝ බවුන් වඩමින් , ගිහි ජීවිතයේ ඇති නිස්සාරත්වයත් , ලෝකෝත්තර දිවියේ ඇති අර්ථවත් බවත් අවබෝධ කරගනිමින් කල් ගෙවමින් කටයුතු කලේය .
සිරිසඟබෝ රජුගෙන් හිස්වූ සිහසුන නිරායාසයෙන් ම ඔහුගේ සොහොයුරු වූ ගෝඨාභයට හිමිවීය .
සිහසුන ඔහුට ලැබුණත් ඔහුගේ සිත නිතරම පෙලූ කරුණක් විය .
එනම් , කොයි මොහොතක හෝ සිරි සඟබෝ පැමිණ රජකම ඔහුගෙන් උදුරා ගනී යන්නයි .
මේ නිසා ඔහු සිරිසඟබෝ ගේ හිස ගෙන එන අයෙකුට කහවනු දහසක් ලබා දෙන බවට අඬබෙරයක් යැවීය .
කහවණු දහස ලබා ගැනීමේ ආශාවෙන් පෙලුණ පුද්ගලයින් , අහිංසකයින් මරා ඔවුන්ගේ හිස් ගෝඨාභය රජු හමුවට ගෙන ගියේ කහවණු දහස ලබා ගැනීමේ රිසියෙනි.
එසේ රැගෙන ගිය හිස් සිරිසඟබෝ රජු ගේ නොවූයෙන් ඔවුන්ට ද මරණ දඬුවම හිමි වීය .
අනුරපුර රාජධානිය මර ලතෝනි වලින් පිරුණ නරාවලක් බවට පත්ව තිබූ කාලයක කැලයෙහි දර කඩනු රිසින් වනයට බට දුප්පත් දිලින්ඳෙකුට බවුන් වඩමින් සිටි තාපසයෙකු මුන ගැසුණ අතර , තාපසයා දැකීමෙන් චිත්ත ප්‍රීතියට පත් වූ ඔහු තාපස තුමාට තම බත් පාර්සලයෙන් කොටසක් පිළි ගැන්වීය .
තාපස තුමාද මගියාගෙන් අනුරපුර රාජධානියේ තොරතුරු විචාල අතර , මගියා අගනුවර ඇතිව තිබූ නස්පැත්තිය කීවේය .
මෙයින් මහත් සංවේග උපදවා ගත් සිරිසඟබෝ , අන් අයට නිකරුනේ මරණ අත්කර දීමෙන් දිවි ගෙවනවාට වඩා තම හිස මේ දුප්පත් මගියාට දෙමියි සිතා තමන් සිරිසඟබෝ බවත් , තම හිස ගෙන ගොස් කහවණු දහස ලබා ගන්නා ලෙසත් පැවසීය .
ගැමියා මෙම බස් අසා මහත් බියට පත් වූ අතර , තාපස තුමාගේ බලවත් පෙරැත්තයකින් පසුව තාපසතුමා විසින් ම හිස කඳින් වෙන් කර , මගියා අත හිස තැබූ අතර මගියා ඒ හිස රැගෙන ගොස් කහවණු දහස ලබා ගත්තේය .
සිරිසඟබෝ හිස දන් දුන්නේ ගම්පහ අත්තනගල්ලේ බැව් මෙතෙක් ජනප්‍රවාද ගතව පැවති ස්ථනය වීය .
නමුත් වත්මන වන විට ඒ ගල්ගමුව ආශ්‍රිතව ඇති " හස්ථි කුච්චි " පුදබිම බැව් කරුණු කාරණා සහිතව සනාථ වී ඇත .
දණ නවා ගත් ඇතෙකුගේ රුව සහිත ගල් පවුවක් සහිත විහාර භූමියක් වූ බැවින් මෙය " හස්ථි කුච්චි " ලෙසට නම් පටබැඳී ඇති බැව් පොදු පිළිගැනීමයි .
හිස දන් දුන් කරුණ සනාථ කෙරෙන කරුණු කිහිපයක් මේ ස්ථනය ඇසුරු කරගෙන සනාථ කල හැකිය.
1 ) සිරිසඟබෝ අනුරපුරින් පිටව ගව් 04 ක් ගෙවා පැමිණි ස්ථානයකදී බවුන් වැඩූ බවත් එහිදී ධ්‍යාන වැඩූ බවත් , එම ස්ථනයට රුවන්වැලිසෑයේ කොත පෙනෙන බවත් මහාවංශයේ සඳහන් ව පැවතීමයි . අනුරපුර සිට හස්ති කුච්චියට ගව් 04 ක දුරකි . එනම් සැත්පුම් 16 ක දුරකි . රුවන්වැලි සෑයේ කොත පර්වත මස්තකයට තුරු වදුලු අතරින් ඈතින් අද ද පෙනේ .
2 )එමෙන්ම මෙහි ඇති බෝධිඝරයේ සිව් දිශාවෙන් මල් ආසන 04 ක් ඇති අතර දිවයිනේ කිසිදු බෝධිඝරයක දක්නට නොලැබෙන ආකාරයේ ගඩොලින් කරන ලද හතරැස් කොටු ආකාර ඉදිකිරීමක් ඇති අතර , එහි එක් පසෙක කවාකාර ගල් පුවරුවක් තිබීමත් ය .මේ කවාකාර ගල් පුවරුව මගින් කවන්ධයක් වූ සිරුරට හිසක් සංකේතවත් කිරීමක් පිළිබිඹු වන බැව් විද්වත් මතයයි .
3 ) සිරිසඟබෝ හිස දන් දුන් ස්ථානයේ ඉර හඳ නොදුටු පොකුණක් පැවති බවත් මෙහී කඳු මුදුනේ ගල් කුහර දෙකක් අතර 18m පමණ ගැඹුරු කිසිදා හිරු එළිය හෝ සඳු එළිය නොවැටෙන පොකුණක් දක්නට ලැබීමත් සුවිශේෂී වේ .
4 ) සිරිසඟබෝ රජුගේ හිස නැති මල කඳ දැක දේවිය හැඩූ බවත් ඉන් ගම් හතක් පාලු වූ බවත් ජනප්‍රවාදයෙ සඳහන් වන් අත ඒ ගම් අද පලුකන්දෑව , ගල්පාලුව , පලුගොල්ල , පාලුගම
ආදී ලෙසින් වත්මන විටත් පැවතිම සුවිශේෂී වේ.
ඔබත් වරක් හෝ ගොස් මේ පින් බිම වැඳ පුදා ගන්න .
මෙහි ඇති උගුල් ගල සමබරතාව පිළිබඳව වන සුවිශේෂී වූ නිමවුමකි .
වටදාගෙය , බෝධිඝරය , ගල් ලෙන්, සංඝවාස ආදී වූ නටඹුන් රැසක් ද මෙහි දැක ගත හැකිය.
උරුමය රකිමු . උරුමය අගයමු .
උරුමයක වරුණ
උපුටා .ගැනීමකි...
0 comments:
Post a Comment