Song Title : Eka Mohothak Oba (එක මොහොතක් ඔබ)
ගායනය : අමිතා වැදිසිංහ සහ මර්වින් පෙරේරා
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : මර්වින් පෙරේරා
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් ..//
කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි ...//
මල් පොකුරකි එක නටුවකි ඒ බව සැබවි //
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් ..//
පිළිවෙලකට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා ...//
මග සළකුණු දක්වා හිනැහෙන එළි පතුරා //
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් ..//
0 comments:
Post a Comment