Ehema Dewal Na Hithe Mage Song Lyrics - එහෙම දේවල් නෑ හිතේ මගේ ගීතයේ පද පෙළ

Ehema Dewal Na Hithe Mage Song Lyrics - එහෙම දේවල් නෑ හිතේ මගේ ගීතයේ පද පෙළ
Song Title : Ehema Dewal Na Hithe Mage (එහෙම දේවල් නෑ හිතේ මගේ)
Artist : Dhanith Sri 
Melody : Dhanith Sri
Lyrics : Dhanith Sri
Music : Sanjula Himala | Ranil Goonawardene | Dhanith Sri


එක රැයකට නුඹ මගේ කරගෙන..
කාසි වලට මං කොහොම මනින්නද..
නුඹව හඬවන නුඹව රිද්දන..
එහෙම දේවල් නෑ හිතේ මගේ..

කරකාර බැඳගෙන මගේ කරගෙන..
නුඹ සිරකරගෙන හීන මවන්නට..
මං වෙනුවෙන් තටු සිඳදාලන්නට..
එහෙම දේවල් නෑ හිතේ මගේ..

අයිතිවාසිකම් නැති නිවහල් වූ..
සෙනෙහස ගලනා මනසක් ඇති වූ..
මිනිසුන් බිහිවූ පොලොවක් නම් මෙය..
කාසි වලට නුඹ දෙන්නේ කොහොමද…
ආදරෙ කියලා හිත පිළිගන්නට..
නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද..
තණ්හා,ආශා නුඹගැන මොකටද..
එහෙම දේවල් නෑ හිතේ මගේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment