Dura Hina Lagata With Song Lyrics - දුර හීන ළඟට විත් ගීතයේ පද පෙළ

Dura Hina Lagata With Song Lyrics - දුර හීන ළඟට විත් ගීතයේ පද පෙළ
Song Title : Dura Hina Lagata With (දුර හීන ළඟට විත්)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


දුර හීන ළඟට විත් 
කොඳුරාවි මට හිමින්
නුඹ දුරක ඉන්නමුත්
ළඟපාත ඇති බවක්......

දෙසවනට ඇසුණ හඬ
වියැකිලා යයිද සැක
අසමි මම රහසේම
නිරුත්තර මගෙ හිතින්........

මා දුටුව අනගි සිත
මගෙන් දුර ඇදෙන වග
සිතුම් කියමින් සිමින්
හද කොනක දෙයි රිදුම්.........

නැතුව නිසි හේතුවම
බොඳවෙලා පෙනෙන රුව
පැහැදිලිව දකින්නට
ප්‍රිය කරමි පෙර සේම.......

හැක නුඹට කොඳුරන්න
නුඹ දුරක නොයන වග
කඩුලු හැක පැනයන්න
දෙඅත් සවිමත් විටදි........

දුර හීන ළඟ තියන්
නුඹත් මා ළඟ ඉන්න
ප්‍රේමයේ නාමයෙන්
සතුටකට ඉඩ දෙන්න...........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment