Dileepa Podi Puthu Song Lyrics - දිලීප පොඩි පුතු ගීතයේ පද පෙළ

Dileepa Podi Puthu Song Lyrics - දිලීප පොඩි පුතු ගීතයේ පද පෙළ
Song Title : Dileepa Podi Puthu (දිලීප පොඩි පුතු)
Singing : Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා) (මූන්ස්ටෝන්ස්)
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..

පරෙවි දෙපා වැනි සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ..
පුතු මිට මොලවන් සංගවා ගෙන ඇත
මා නොලියුව ගීතේ..

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..

මහද විමානයෙ තැන්පත් කළ ලේ
බිදුවක් අඩුව ඇතේ..
එය සංගවාගෙන බිලිදු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ..

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment