✅ අවශ්‍ය ද්‍රව්‍ය :
( බනිස් අටක් සෑදීම සඳහා )❤️❤️❤️
- ⏳ පිටි ග්‍රෑම් දෙසීයක්
- ⏳ සීනි ග්‍රෑම් විස්සක්
- ⏳ කිරිපිටි ග්‍රෑම් දහයක්
- ⏳ බිත්තර ග්‍රෑම් 40 (කුඩා බිත්තරයක්)
- ⏳ කිරි (ප්‍රෙශ් මිල්ක් )ග්‍රෑම් 90
- ⏳ ක්ෂණික ඊස්ට් ග්‍රෑම් තුනක් (තේ හැඳි භාගයකට ටිකක් වැඩියෙන් )
- ⏳ ලුණු ග්‍රෑම් දෙකක් (තේ හැඳි කාලක් පමණ )
✅ සාදන ක්‍රමය :
- 🛎️ පිටි වලට ඊස්ට් සීනි , කිරිපිටි , බිත්තර , කිරි එකතු කර අනා ගන්න . නීඩ් කරන්න .( ඊස්ට් අලුත් නැත්නම් මද රස්නෙ උණු වතුර මේස හැඳි එකකට ඊස්ට් සහ සීනි දමා ටික වේලාවක් පිපෙන්න තබා පිටි මිශ්‍රණයට එක් කරන්න )
- 🛎️ ඉන් පසුව ලුණු සහ මාගරින් එක්කර මිශ්‍ර කරන්න.
- 🛎️ හොඳින් අනා විනාඩි පහලවක් විවේකීව තබන්න.
- 🛎️ වායු බුබුලු ඉවත් කර කොටස් අටකට වෙන්කර ගන්න . [ එකක් ග්‍රෑම් 45ක් වන සේ ]
- 🛎️ ඉන්පසු කුඩා බෝල සාදා ලන්ච් ෂීට් එකකින් හෝ kitchen towel එකකින් වසා තබන්න .
- 🛎️ baking tray එකට කොළයක් දමා මාගරින් හෝ බටර් ස්වල්පයක් ආලේප කරන්න එක් බෝලයක් ගෙන රූපයේ දැක්වෙන විදියට බෝ එකක් ආකාරයට නවාගන්න.මේ විදියට බෝ අට ම සාදා ගන්න.
- 🛎️ විනාඩි පහළොවක් පමණ පිපෙන්න තබන්න .
- 🛎️ බිත්තර කහ මද ස්වල්පයකට වතුර ස්වල්පයක් එක් කර එග් වොශ් කර ගන්න (බනිස් උඩින් ගාගන්න )
- 🛎️ 165 °C උෂ්ණත්වයේ අවන් එක විනාඩි දහයක් pre heat කරගන්න
- 🛎️ 165 °C උෂ්ණත්වයේ විනාඩි පහළොවක් - විස්සක් බේක් කරන්න
අවන් එකෙන් ඉවත් කර මාගරින් හෝ බටර් ස්වල්පයක් උඩින් ආලේප කර ටික වෙලාවක් වසා තබන්න (එතකොට ලස්සන දිලිසෙන පාටක් එනවා .)
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
🏅 චන්දිමාරණසිංහ 🏅 Chandima Ranasingha
0 comments:
Post a Comment