Song Title : Atha Epita Hima Kanden (ඈත එපිට හිම කන්දෙන්)
Singing : Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
ඈත එපිට හිම කන්දෙන් කළු වලාව සමඟින් ආ
ආදරයේ පිණි කැට පොදි සිරි සිරි ගා සැලුණා
පිණි කැට බිඳුණා
සිරි සිරි ගා සැලුණා
පිණි කැට බිඳුණා
නැගුණු සීත වා රැලී
නිවුණු මිහිරි ගොපලු ගී ...//
ලිහිණි හඬින් මන්දාරම //
සිරි සිරි ගා සැලුණා
පිණි කැට බිඳුණා
ඈත එපිට හිම කන්දෙන් කළු වලාව සමඟින් ආ
ආදරයේ පිණි කැට පොදි සිරි සිරි ගා සැලුණා
පිණි කැට බිඳුණා
සිරි සිරි ගා සැලුණා
පිණි කැට බිඳුණා
ළයට තුරුළු පාළුවෙන්
මීදුමින් වෙලා ගොසින් ...//
හදෙහි ඇඳී පින්තාරුව //
බොඳවෙලා ගොසින්
බොඳවෙලා ගොසින්
ඈත එපිට හිම කන්දෙන් කළු වලාව සමඟින් ආ
ආදරයේ පිණි කැට පොදි සිරි සිරි ගා සැලුණා
පිණි කැට බිඳුණා
සිරි සිරි ගා සැලුණා
පිණි කැට බිඳුණා
1975 දී "ඈත එපිට" තැටියට එකතු කළ ගීයකි. මේ ගීයට සංගීතය සුපර් ගෝල්ඩන් චයිම්ස් වෙතිනි. ඇනස්ලි මාලේවන ගේ විවාහයත් සමග ක්ලැරන්ස් සෝලෝ ගායකෙයකු ලෙස ගමනක් අරඹා තිබුණි.
0 comments:
Post a Comment