✅ අවශ්‍ය ද්‍රව්‍ය : හාල් පිටි 1k g උකු පොල් කිරි අඬු කෝප්ප 01 දවුල් කුරුදු කොළ මිටක් පොල් තෙල් සීනි 250g හෝ පැණි අඬු කෝප්ප 03
✅ සාදන ක්‍රමය : පිටි දෙතුන් වාරයක් සිහින් සිදුරු සහිත පෙනේරයකින් හලා මල් පීස් රෙදි කැබැල්ලකින් ද හලා ගැනීම. එම පිටි පොල් කිරි දමා අතේ නොඇලෙන පදමට අනා පැය 1 1/2 ක් පමණ තබන්න. දවුල් කුරුදු කොළ ගෙන වතුර ස්වල්පයක් ඉස හොඳින් පොඩි කරන්න. එය රෙදි කැබැල්ලක දමා මිරිකා ගෙන සදා ගත් පිටි මිශ්‍රණයට දමා එසවූ විට නුල් ලෙස පිටි බේරෙන තෙක් පිටි මිශ්‍රණය හොඳින් කලවම් කරන්න. සෙන්ටිමිට්රයක පමණ පළල ඇති හිල් සාදා ගත් පොල් කටුවකින් ලී මිටකට සවි කරගන්න. තාච්චියකට තෙල් දමා ලිප තබා ඉඳි ආප්ප වත්කරන ආකාරයට තෙල් තාච්චියට රවුමට සිටින සේ වත් කරන්න. මෙය තරමක් බැදීගෙන එන විට හැලපයක් සේ දෙකට නවා තෙල් බේරෙන්නට හරින්න. මෙම තෙල් බේරුණු ආස්මි නැවත තෙලේ බැද සීනි පැණි කර බැදගත් ආස්මි වලට උඩින් වත්කර ගන්න.
✅ වැදගත් : සීනි වල සුදු පැහැය ඇති හෙයින් පැණි උණු කර දැමීමෙන් ආස්මි පැණි වල පැහැයෙන් සරසා ගත හැකිවේ. ආස්මි මුල් වර බදින විට දුර්වර්ණ වන අතර ආස්මි වලට සුදු පැහැය ලැබෙන්නේ දෙවන වර බැදිමෙනි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
About
Wanni Arachchige Udara Madusanka Perera
Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
0 comments:
Post a Comment