සෙන්ටිමීටර 42ක උසකින් යුත් මේ ඓතිහාසික බුදු පිළිම වහන්සේ අද තැම්පත් කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ රාජකීය කලා සංගම් කෞතුකාගාරයේ. වර්ෂ 1932දී "එෆ්. එල් බෲක්වෙලත්" කියන නෙදර්ලන්ත ජාතිකයා සතුව පැවති මෙම වටිනා පිළිම වහන්සේ 1940 දී "ආසියානු කලා මිත්‍රත්වය සංසදය" නම් එරට සංවිධානයක් අතට පත් වී තිබෙන අතර ඉන්පසුව 1972 වසරේ සිට අද දක්වා ඉහත සඳහන් කළ නෙදර්ලන්තය රාජකීය කලා සංගම් කෞතුකාගාරයේ සුරක්ෂිතව තැම්පත් කර තිබෙනවා. 💐
තරමක් එසවුණු දකුණු ශ්‍රී පාදයකින්ද, අභය මුද්‍රාව සහිත දකුණු හස්තයකින්ද, විතර්ක මුද්‍රාවෙන් යුක්ත වම් හස්තය ආදී ලක්ෂණ වලින් සමන්විත මෙම පිළිම වහන්සේ රනින් සහ ලෝකඩවලින් නිර්මාණය කළ බහු මුද්‍රාවෙන් යුක්ත වූවක්. එමෙන්ම තවත් වැදගත් කරුණක් වන්නේ මෙම පිළිම වහන්සේ හමුව ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවා ප්‍රදේශයෙන් වීමයි. 🧝
මෙතෙක් විශේෂයෙන් නම් කර නැති මේ හිටි පිළිම වහන්සේගේ විශේෂත්වය එහි පෞරාණික බව පමණක්ම නොවේ. එම පිළිම වහන්සේ නෙළා ඇති ලක්ෂණ වලට අනුව එය ඉන්දුනීසියාවේ එවක තැනුණූ බුදු පිළිම වල ලක්ෂණ වලින් වෙනස් වෙනවා. ඒ අනුව මෙය එරටට ආනයනය කරන ලද්දක් බවට සැලකෙනවා. එසේනම් මෙම පිළිම වහන්සේ තනණු ලැබුවේ කොයි වගේ රටක වෙන්න පුළුවන්ද ? 🙇
මෙම පිළිම වහන්සේගේ ලක්ෂණ අනුව අදහස් පළ කරන ඉතිහාසඥයන්ගේ මතය වෙලා තියෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ බුදු පිළිම වහන්සේලා හා සමාන වන බවයි. ඒ අනුව ඉන්දියාවටත් වඩා මේ බුදුපිළිම වහන්සේ අපේ රටේ සිටි දක්ෂ හෙළ කලාකරුවෙකුගේ නිමැවුමක් වෙන්නත් වැඩි ඉඩකඩ ප්‍රමාණයක් තියෙනවා. එහෙම නේද? 🧘
විස්තරය අරණ පුවත්පත ඇසුරෙනි ✍️ Kushani De Silva
0 comments:
Post a Comment