Song Title : Adare Puda Denna Ayidayi Pama (ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා)
Singing :Jaliya Ranathunga (ජාලිය රණතුංග මහත්මා)
තනුව : රූකාන්ත ගුණතිලක මහත්මා
පද : රූකාන්ත ගුණතිලක මහත්මා
ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා
වේදනා විඳගන්න ඇයිදැයි පමා
මා වෙතේ ළං වන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා
පෙරදාක සතුටේ වෙලී
තව දාක කඳුලේ ගැලී
ඒ සේ සුසුම් වැල් බිඳී
තරු රෑනපායා දිලී
මා දෑස ඔය දෑස හමුවේ තියා
විමසන්නේ ඔබගෙන් ළඳේ
ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා
වේදනා විඳගන්න ඇයිදැයි පමා
මා වෙතේ ළං වන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා
මේ ජීවිතේ මා වෙතේ
කළඹන්නෙ ඔබමයි සිතේ
අනුනාද වී මා හදේ
දැතපෙන්න මාගේ ළයේ
හමුවීල තෙපලන්න මේ යාමයේ
සැනසෙන්න ඒ යාමයේ
ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා
වේදනා විඳගන්න ඇයිදැයි පමා
මා වෙතේ ළං වන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා //
0 comments:
Post a Comment