අද අපි කතාකරන්නේ හඟුරන්කෙත ප්‍රදේශයයේ තිබෙන පුරාවිද්‍යාත්මක විහාරයක් ගැන.ඒ නමින් වෑගම රජමහා විහාරයයි..
බ්‍රිතාන්‍ය ආක්‍රමණයන්ට ගොදුරු වූ සමයේ දළදා වහන්සේ තාවකාලිකව සඟවා තැබූ ස්ථානයක් ලෙස වෑගම රජ මහා විහාරය හදුනාගෙන තිබෙනවා..
මෙය ලෙන් විහාරයක් ලෙස ඉදි කර ඇත්තේ ගම්පොළ යුගයේ විසූ හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය විසින් යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙනවා...
ඉන් අනතුරුව ක්‍රි.ව 1585දී රජ මහා විහාරයක් බවට පත්කර, කුඹුරු පිටි ඉඩකඩම් පූජා කර විහාර මන්දිරයක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා....
රජ මහා විහාරය පළමුවන රාජසිංහ රජ (ක්‍රි.ව 1554 - 1593) පාලන සමයට සමකාලීනව ඉදි වූවක් බවත් ඉතිහාසයයේ සඳහන් වෙනවා...
ක්‍රි.ව. 1356 - 1374 ගම්පොළ රජ කළ තුන්වන වික්‍රමබාහු රජුගේ බිසවක ලෙස සිටි හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය රූ සම්පත්තියන් අගතැන් පත් දේවියක් බව ප්‍රකට වී තිබෙනවා..
බෙලි ගෙඩියකින් උපන් දේවියක ලෙස ද ජනප්‍රවාදයේ සඳහන්.. ඒ සම්බන්ධ කතා පුවතත් මතක් කරන්නම්..
උඩුනුවර හේනදෙණිය ග්‍රාමයේ විහාරස්ථානයක භික්ෂුවකට දෙවිවවරුන් විසින් බෙලිගෙඩියක් මල් ආසනයක තබා ආරක්ෂා කරන්නැයි පවසා තිබෙනවා..
ඊට අනුව ආරක්ෂා කරමින් තිබූ බෙලි ගෙඩිය රාත්‍රියක හෙණහඬ නඟමින් පුපුරා ගොස් එතුළින් කුමරියක් බිහි වූවා යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙනවා...
කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබූ ඇය දෙවඟනක් ලෙස හඳුන්වා ඇති අතර මැයගේ ප්‍රතිමාවක් තිබී ඇත්තේ හඟුරන්කෙත වෑගම රාජ මහා විහාරයේ පමණී...
1952 වසරේ නිදන්සොරු විසින් ඒ ප්‍රතිමාව බිදදමා තිබෙනවා..
ඇය ඉදිකළ අවසාන විහාරස්ථානය ලෙස වෑගම රාජ මහා විහාරස්ථානය ඉතිහාස ගත වේ..
මේ විහාරස්ථානයේ දළදා වහන්සේ සඟවා තැබූවේ යැයි සඳහන් සපු ගස අදට ද විසල් රුක්ෂයක් සේ ලෙන් විහාරය ඉදිරිපස දක්නට ලැබෙනවා..
මෙවැනි ඓතිහාසිකත්වයක් උරුමකරගත් විහාරස්ථානය සතු වටිනාකම් බොහෝමයක් පවතිනවා...
එහෙත් මේ වන විට සත් වතාවක් නිදන් සොරු විසින් විහාරස්ථානය කඩා බිඳ දමා තිබෙනවා.. මේ සම්බන්ධයෙන් අවධානය ලබාදී මේ උරුමයන් රැකගැනීම අප සැමගේ යුතුකමයි..
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment