Tawme Hama Thana Ekama Song Lyrics - ටවුමේ හැම තැන එකම ගීතයේ පද පෙළ

Tawme Hama Thana Ekama Song Lyrics - ටවුමේ හැම තැන එකම ගීතයේ පද පෙළ
Song Title : Tawme Hama Thana Ekama (ටවුමේ හැම තැන එකම)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)


ටවුමේ හැම තැන එකම 
සැණකෙළි සිරිය ගන්නා
නේක විසිතුරු බබලනා 
බුබුලින් සියලු තැන සැරසෙනා

මැදියමට තව දෙහෝරාවයි
සැවොම එහෙ මෙහෙ ගැවසෙනා 
දෝනිගේ සිත හරිම කලබල
නින්ද අහලක නැති වෙනා

සැණකෙළි බිමේ දරුවන් ඇත පිරීලා
ඉල්ලා හඬයි මා ගෙන ආ බැලුම් බලා
අඩුවට ලැබුන බැලුම් ගොඩක් විකිනිලා
සතුට බෙදන්නේ සැමටම දුක් විදලා

දහවල් වරුවේ අව්වේ ගිනි තපින්නේ
රෑ මැදියමේ සීතල පිනි නාවන්නේ
දුප්පත් පැලේ දුක් ගින්දර නිවන්නේ
බැලුම් විකුණලා පැල එලි කරන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment