ඉන්දියානු ආහාර අපේ සංස්කෘතියට ගැලපෙන පරිදි පහසුවෙන් හා රසවත්ව සාදාගැනීමට එක්වන්න.
✅ අවශ්‍ය ද්‍රවය:
- ලුණු කුඩු මේස හැදි 1 1/2
- මුදවපු කිරි ( Plain Yogurt ) මේස හැදි 6
- ඉගුරු කැබැල්ලක්
- සුදුළුණු ගෙඩි 1
- ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
- දෙහි යුෂ මේස හැදි 2
- මිරිස්කුඩු තේ හැදි 2 1/2
- සුදුරු කුඩු මේස හැදි 1
- තුනපහ කුඩු තේ හැදි 1/2
- කොත්තමල්ලි කුඩු තේ හැදි 1/2
- කහකුඩු ( ස්වල්පයක්)
- රතුපාට වර්ණක( ස්වල්පයක්)
- කුකුල් මස් ගාත (CHICKEN LEG) 6
✅ සාදාගන්නා ආකාරය:
- පළමුව කුකුල් මස් සුද්ද කර ගන්න.කුකුල් මස් වල තැනින් තැන කපා ගන්න.(ඉක්මනින් පිසෙන නිසා හා හොදින් ලුණු,මිරිස් උරාගන්නා නිසා )
- මිරිස්කුඩු තේ හැන්දක් ,දෙහි යුෂ මේස හැදි 1ක් ,ලුණු කුඩු මේස හැදි 1ක් භාජනයකට දා හොදින් කවලම් කර කුකුල් මස් වල හොදින් තවරා පැය භාගයක් පමණ පැත්තකින් තබන්න.
- වෙනත් භාජනයක් ගෙන එයට මුදවපු කිරි,ලුණු කුඩු,දෙහි යුෂ,ගම්මිරිස් කුඩු,කහ කුඩු ස්වල්පයක්,කොත්තමල්ලි කුඩු ,තුනපහ කුඩු,සුදුරු කුඩු,මිරිස්කුඩු,ඉගුරු-සුදුළුණු පේස්ට් එකතු කර හොදින් කවලම් කර පසු රතු වර්ණකය එකතු කර හොදින් කවලම් කර ඉහත සාදාගත් කුකුල් මස් මෙම මිශ්‍රනයට දමා හොදින් තවරා ගන්න.
- කැරට්,ලීක්ස්,සැල්දරි කැබලි වලට කපා තැටියක තැනින් තැන අසුරා කුකුල් මස් එය මත අසුරා විනාඩි 20-25 අතර 250 c අවන් එකක තබන්න.
✅ වැදගත් කරුණු:
- ඉගුරු සුදුළුණු බේලන්ඩ් කරන්න
0 comments:
Post a Comment