Song Title : Sinderella (සින්ඩරෙල්ලා)
Lyrics : Umanda Jayobandara
එලා ඩිමයි කරදහිය
මේසය මත
ඔබා ගල් ගැහුන පින්සල වතුරේ
පොගවා ලිහිල් කොට පින්සලේ කෙදි
තොරා ගතිමි "කළු" පාට
අදින්නට රූපයක්...
මදක් එක්කොට සුදු පාට
අඩු කලා පින්සලේ වු කළු පාට
ඉහලටත්
පහලටත්
ඉරි දෙකක්
ඇද බලා සිටියෙමි වරුවක්
ඉනික්බිති
නොසන්සුන් මගේ සිත
හැලුවා රතු පාට කොලේ මත
ඒ මතට වක් කරා කලුපාට
කැත කලා සුදුපාට කරදහිය
යලිත් මා බලා ඉද වරුදෙකක්
අතට ගෙන සුදුපාට බෝතලය
ඇඟිලි තුඩු වලින් ඇදි නාරි රුව
සිහිනයෙහ් හෝ දැක නොමැත ඒ රුව...
0 comments:
Post a Comment