Sanda Horen Horen Song Lyrics - සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ

Sanda Horen Horen Song Lyrics - සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ
Song Title : Sanda Horen Horen (සඳ හොරෙන් හොරෙන්)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : කුලරත්න ආරියවංශ

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්..

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...//

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment