Rathiya Mada Himin Moduwa Song Lyrics - රාත්‍රිය මැද හෙමින් මෝදුව ගීතයේ පද පෙළ

Rathiya Mada Himin Moduwa Song Lyrics - රාත්‍රිය මැද හෙමින් මෝදුව ගීතයේ පද පෙළ
Song Title : Rathiya Mada Himin Moduwa (රාත්‍රිය මැද හෙමින් මෝදුව)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)


රාත්‍රිය මැද හෙමින් මෝදුව
දෑස් මත අහම්බෙන් සුපිපුන
හිත වසා සුසුවඳ ඉහිරුන
හද පුරා නවතින්න සැම දින

ජීවිතේ මග සෙනෙහෙ පැන් ඉස
මතක මාවත තබා පියවර
කිරි කෝඩු හැඟුමන්ට පණ දෙන
මගේ ලොව හිමිකාරියද නුඹ ලඳ

වසන්තේ පවනේම කැටි උන
සීතලට හමනා සුසුම් පොද
ලය පුරා පුරවනා සිත් ලෙස
පපුතුරේ ඉමි උණුසුම පතාගෙන

කතා කරනා දෑස් අසබඩ
අසරණව ගොළු වු මයෙ මුව
කියා ගන්නට නොහැකි වදනක
මුල් අකුරු සොයනවා හෙමිහිට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment