🎈අපේ පැරණි සිංහල සාහිත්‍යය පෝෂණය වෙලා තියෙන්නේ බුදු දහමින්.
🎈බණ කතා බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනුයි.
🎈පැරැන්නෝ බණ කතා ඇසීමට බොහෝ සේ ප්‍රිය කළා.
🎈එම අවශ්‍යතාව සපුරාලමින් පොලොන්නරු සමයේදීත් ඊට පසු කාලයේදීත් එවැනි පොත් ගණනාවක් බිහිවුණා.
🎈බුදු සිරිත ඇසුරින්, ජාතක කතා ඇසුරින් බොහෝ පොත පත දායාද කරන්නට පඩිවරු නිරතුරුවම උත්සාහ ගත්තා.
🎈මෙවැනි පොත් බිහිවීමේ තවත් අරමුණක් වූයේ පුහුදුන් ජනයාට බණ දහම් කියා දීමයි.
🎈එවැනි පොත් බිහිවී වර්ධනය වූයේ දඹදෙනි සමයේදීයි.
🎈පූජාවලිය කියන්නේ ඒ සියලු කෘතිවලින් එකක්.
🔸පූජාවලිය යන්නෙහි සරල තේරුම නම් පූජා වැල යන්නයි.
🔸එය පූජා -ආවලි හෙවත් පූජා පෙළ,සමූහය යනුවෙන්ද අර්ථ දක්වන්න පුළුවන්.
🔸බුදුරදුන් ලෝකයාගෙන් පූජා ලැබීමට සුදුසු වන ආකාරය ගැන තමයි මේ ග්‍රන්ථයෙන් විස්තර වෙන්නේ.
🔸එහි අඩංගු වන්නේ පූජා ලැබීමට සුදුසු වූ පූජාර්හ වූ බුදුන් වහන්සේගේ ගුණ සමුදායයි.
🔵පූජාවලිය රචනා කර ඇත්තේ මයුරපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍ර හිමියන් විසින්.
🔵මෙය දෙවැනි පැරකුම් රජු උදෙසා ලියැවුණකි.
🔵බෝධිසත්ව පාරමිතාවේ උසස්කම දක්වමින් බුදු වීමේ ප්‍රාර්ථනාව මුදුන් පමුණුවා ගැනීමට රජු දිරිමත් කරවීමටත්, සත්පුරුෂ ජනයාගේ සිත් සුවපත් කිරීමටත් පූජාවලිය ලියූ බව කතුවරයාගේ පැහැදිලි කිරීම්වලින් නිගමනය කරන්න පුළුවන්.
🔵පූජාවලිය ලියැවී ඇත්තේ පැරකුම්බා රාජ්‍ය කාලයෙන් 35 වැනි වර්ෂයේදීය. එනම් ක්‍රි.ව.1225-1260 අතර කාලයේදීය.
කතුවරයා පූජාවලිය ලියන්නට යොදගෙන ඇති බස් වහරේ එතරම් විශේෂත්වයක් දක්නට නොමැත.
🔺මෙම ග්‍රන්ථය තේමා කොට ගෙන ඇත්තේ බුද්ධ වන්දනාවේදී කියැවෙන නව අරහාදී බුදු ගුණ අතරින් අරහං බුදු ගුණය ගැනයි
Lenmini Kehansa
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment