Pera Wadana Song Lyrics - පෙර වදන ගීතයේ පද පෙළ

Pera Wadana  Song Lyrics - පෙර වදන ගීතයේ පද පෙළ
Song Title : Pera Wadana (පෙර වදන)
Lyrics : Niroshmi Withana (නිරෝශ්මි විතාන)


පෙර වදන
උඹම වූ
මම ලියූ
කතාවක

උඹවත්
නොදැන උන්
සමහර
පරිච්ඡේද

හරි අමාරුවෙන්
ගැලපුව
එකෝමත් එක
කාලෙක

උඹට නම්
කවදාවත්ම
තේරුම් ගන්න
බැරි උන

උඹේත්
මගේත්
අරුම පුදුම
කතාව

නිමි කියන්නට
හීනෙකින්වත් 
නොහිතපු
වෙලාවක

අතරමග
පිටු ඉරල
උඹ බලෙන්
නතර කර

අපිට අහිමි
අපේ ම
හරි ලස්සන
අමුතු කතාව

පසුවදන
ලියන්නට
බලා ඉන්නවා
මම.....
සංසාරේ පුරාවට...

...... නිරෝ......
2021 /02

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment