Pamawee Pipunu Mal Suwadai Song Lyrics - පමාවී පිපුණු මල් සුවඳයි ගීතයේ පද පෙළ

Pamawee Pipunu Mal Suwadai Song Lyrics - පමාවී පිපුණු මල් සුවඳයි ගීතයේ පද පෙළ
Song Title : Pamawee Pipunu Mal Suwadai (පමාවී පිපුණු මල් සුවඳයි)
ගායනය : සමන්ත පෙරේරා සහ ඉන්දිකා උපමාලි
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : ප්‍රේමසිරි කේමදාස
ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ "ඇසළ කළුවර" ටෙලි නාට්‍යයට නිර්මාණය වූ තේමා ගීයයි.


පමාවී පිපුණු මල් සුවඳයි
පමාවී පිපුණු මල් සුවඳයි
පිපුනි දෙතැනක ඒ නමුත්
සුවඳ ලෙන්ගතුමයි
හිතට හිතැතිව
ගලා යන සුලගේ
හිතා ගන්නට බැ
කුමනට මලට ද
කුමන සුවදටදෝ
හද පියන් පත් හැර දමන්නේ

සිහින නගරේ සිගිති සඳ එලියේ
දොර ගලනා මතකයේ
සිනිදු පිනි අග පිපී නැලවෙන
මලකි මා මලකි මා ඔබගේ

පතන් බිම්පෙත තුරු වියන් තුරුලේ
දිය කදුරු ඉවුරේ පිනි කඳුලු මත
උදා අරුණත හුදකලාවට සිනා මුසු කල
මලකි මා මලකි මා ඔබගේ

පමාවී පිපුණු මල් සුවඳයි
පිපුනි දෙතැනක ඒ නමුත්
සුවද ලෙන්ගතුමයි
ඒ මමයි ඒ මමයි ඔබට මතකයි නම්

පමාවී පිපුණු මල් සුවඳයි
පිපුනි දෙතැනක ඒ නමුත්
සුවද ලෙන්ගතුමයි
ඒ මමයි ඒ මමයි ඔබට සිතුනා නම්
කුමනට මලකට කුමන සුවඳටදෝ
හද පියන් පත් හැර දමන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment