Me Mal Yaye Song Lyrics - මේ මල් යායේ ගීතයේ පද පෙළ

Me Mal Yaye Song Lyrics - මේ මල් යායේ ගීතයේ පද පෙළ
Song Title : Me Mal Yaye (මේ මල් යායේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : හේමසිරි හල්පිට
තනුව : සුනිල් ධර්මසේන


මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළං වෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා //

මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පිය නැඟුවා
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලෙ දුක සැදුවා

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළං වෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා

සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුණා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුණා

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළං වෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment