සිත් සුවපත් වන - මාවෙල පුරාණ ගල්ලෙන් විහාරය 🎋🌱🍃☸️🙏❤️ ( Mawela )

සිත් සුවපත් වන - මාවෙල පුරාණ ගල්ලෙන් විහාරය 🎋🌱🍃☸️🙏❤️ ( Mawela ) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂි ලෙන් විහාරයක් ගැන.ඒ මාවෙල පුරාණ ගල්ලෙන් විහාරයයි.

ලෙන් විහාරය පිහිටා ඇති වටපිටාව ගල් පර්වතවලින් බහුල යි..

මෙම විහාරය කරවා ඇත්තේ කඳු බෑවුම ඔස්සේ ඇදී යන දික් පර්වත තලාවක් ඇසුරු කරගෙන බව පෙනී යනවා...

මේ විහාරය පිහිටි ගම කෑගලු සහ මහනුවර දිස්ත්‍රික් මායිමේ තමා පිහිටා තියෙන්නේ..

මේ නිසා විහාරය හැඳින්වෙන්නේ ද ගමේ නමින් මාවෙල වලගම්බා ලෙන් විහාරය වශයෙන්...

ජනප්‍රවාදයේ සඳහන් අයුරින් බොහෝ ලෙන් විහාර මෙන් ම මෙය ද කරවා ඇත්තේ වලගම්බා රජු විසින් බව කියවෙනවා...

කෙසේ වුවත් මෙහි ආරම්භය අනුරාධපුර යුගයේ මුල් භාගයට ඇතුළත් කළ හැකි ලක්ෂණ දෙවැනි ලෙන් විහාරය ඉදිරිපිට ඇති කොරවක්ගල සහ පුන්කලස සහිත මුරගල් යුවළෙන් පෙනී යනවා...

හරිම ලස්සන සිත් පහන්වෙන භූමියක තමා මේ විහාරය තියෙන්නේ.. 

විහාරයට පිවිසීමේදී සුන්දර දියඇල්ලක්ද හමුවෙනවා.. ඈතින් බතලේගල කන්දත් අපූරුවට පේනවා..

අතීතයේ මාවෙල ලෙන්වල වැඩ විසූ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා මෙම සුන්දර දර්ශනයෙන් සිත් පහන් කර ගන්නට ඇතී...

විහාර භූමියේ මුලින්ම පිහිටි ලෙන තුළ දාගැබ දක්නට ලැබෙනවා...

මෙම ලෙන දිගින් අඩි 30 ක් ද පළලින් අඩි 20 ක් ද ලෙනෙහි උස අඩි 22ක් වෙනවා...

මෙහි ඇතුළු ගැබෙහි පිහිටි දාගැබ ගඩොල් සහ මැටියෙන් තනා හුණු පිරියම් කර තිබෙනවා... 

දාගැබේ විෂ්කම්භය අඩි 8 අඟල් 6 ක් වන අතර උස අඩි 19 ක්.. සමචතුරස්‍රාකාර වේදිකාවක් මත දාගැබ ඉදිකර තිබෙනවා.. 

මෙහි ප්‍රතිමා මන්දිරය එහි පිහිටා ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමාව මහනුවර යුගයේ ලක්ෂණ සහිතයි..

එහි සිවුර රන්වන් පැහැති දියරැලි අයුරින් නිර්මාණය කර තියෙනවා.. මෙහි හිස හා කොට්ටය අසල නිදන් හොරු විනාශ කරලා..

මෙම දාගැබ මෙන්ම ලෙන් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව ද කිහිප වරක්ම නිදන් හොරු හාරා තිබෙනවා.. 

මෙවැනි බොදු උරුමයන් වනසා දැමීම නිසා අපිට මේ උරුමයන් නැති වෙන්නත් පුලුවන්ංං

කඩුගන්නාව පහුකරන ඔබ මේ ලෙන් විහාරය වැදපුදාගන්න අමතක කරන්න එපා... 

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment