Song Title : Malak Une Ayi Oba Mata (මලක් උනේ ඇයි ඔබ මට)
Singing : Amarasiri Peiris (අමරසිරි පීරිස් මහත්මා)
මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්
පහන් තාරකාවක් සේ
ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්
කියන්න
සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්
කියන්න
මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
0 comments:
Post a Comment